Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
575
Views
තම උත්සාහයෙන් හැකි අයුරින් දියුණුවන්නට උත්සහ කරන තරුණයෙකුට ලැබුණු අපූරු වරමක් ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම විශේෂ අවස්ථාව උදාවන්නේ ඇල්ල මාර්ගයේ පුංචියට තේ කඩයක් හදාගත්ත තරුණයෙක්ට.

ඔහු තම මහන්සියෙන් තැනූ අලංකාර ලෑලි ගොඩනැගිල්ලක මෙම කඩය පවත්වාගෙන යනවා.

කඩේට එන ඕනිම දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට ශ්‍රී ලංකාවේ විවිධ තේ වර්ග අතුරින් කැමති රසයක් විඳීමට ඔහු අවස්ථාව උදා කර දී තිබීම විශේෂ වනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ විවධ පළාත්වලින් නිපදවෙන තේ වර්ග ඔහු සතුව තිබෙනවා.

මෙම තරුණයා කිසිවිටෙකත් නොසිතූ නොවිරූ අන්දමට යතුරු පැදියකින් එහි පැමිණෙන නොර්වේ ජාතිකයෙකු ඔහුගේ උත්සාහය අගය කරමින් ඩොලර් 1100ක මුදලක් ගෙවා යන්නේ ඔහුගේ වෙළඳාමේ දියුණුවට එය භාවිත කරන ලෙස පවසමින්.

ඒ තමන් තේ කඩයෙන් ලබාගත් රුපියල් 50 ක් වන එක තේ කෝප්පයක් සඳහා වීම විශේෂ වනවා.

මෙම විදෙස් ජාතිකයා එම අවස්ථාව රූගතකර එය සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුනේ මෙලෙසින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top