Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
338
Views
දේව ආශිර්වාදයක් බව පවසමින් වසර 40 තිස්සේ තම හිසකෙස් නොකපා සිටින පුද්ගලයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන්.

සකල් දේව් ටුඩ්ඩු නමැති මෙම පුද්ගලයාගේ වයස මේ වනවිට 63ක් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

එම පුද්ගලයා පවසන්නේ වසර 40 කට පෙර එක්දිනක රාත්‍රියේ එක්වරම තම කොණ්ඩය මෙලෙස ගැටගැසුණු බවයි.

එය දේවආශිර්වාදයක් ලෙස සළකන ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව එතැන් සිට කොණ්ඩය කපා නොදමා වවා තිබෙනවා.

මේ හේතුවෙන් අද වනවිට ඔහුගේ හිසකෙස් එකට ගැටගැසී ජටාවක් මෙන් හිසට ඉහළින් ඇති අතර එය අඩි 6 ක් පමණ දිගින්යුතු වනවා.

සකල් දේව් දැඩි භක්තිය හේතුවෙන් මෙම සිදුවීමත් සමඟ දුම්පානය ඇතුළු සියලු මත්ද්‍රව්‍ය භාවිතයද අත්හැර දමා තිබෙනවා.

එසේම ගම්වාසීන් ඔහුට මහත් ගෞරවයක් දක්වන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

එම ප්‍රදේශය පුරා සකල් දේව් වඩාත් ජනප්‍රිය වන්නේ දරුවන් නොමැති යුවළ සඳහා ප්‍රතිකාර ලබාදීමට පෙළඹීමත් සමඟයි.

ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වන්නේ ඔහුගෙන් ලබන ප්‍රතිකාර ප්‍රතිඵල සහිත බවයි.

මෙම පුද්ගලයා වසර 31 ක කාලයක් එරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිට තිබෙනවා.

ඔහුට මේ වනවිට පුතුන් තිදෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටින අතර මුණුබුරු මිණිබිරියන් 7 දෙනෙකුද සිටිනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top