Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
371
Views
ගාල්ල - උණවටුන - රූමස්සල වෙරළ තීරයේ ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මුහුදට වැටී අතුරුදන් වු තරුණයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පොලිසිය සහ නාවික හමුදාව එක්ව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 

ඊයේ මොවුන් දෙදෙනා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ දියනෑම සඳහා රූමස්සල වෙරළට ගොස් තිබෙනවා. පසුව මොවුන් ගලක් මත නැගී සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී පය ලිස්සා මුහුදට වැටී රළ පහරට ගසාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

ඉන් දෙදෙනෙකු බේරාගත් අතර, අනෙක් දෙදෙනා රළ පහරට හසුවී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස දියනෑමට ගොස් අතුරුදන්වූ තරුණයින් අවුරුදු 20 සහ 21 යන වයස්වල පසුවන තෙලිකඩ - ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකරුවන්.  

පසුගිය පොසොන් පොහොය දිනයේදී ද රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මුහුදට වැටී 29 හැවිරිදි තරුණියක් සහ 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා. 

එමෙන්ම, කිරින්ද - යාල මුහුදු තීරයේ රළ පෑගීමට ගිය පියා සහ දියණියන් දෙදෙනා මිය යාමේ පුවතක් ජුනි මස 23 වන දා වාර්තා වූ අතර, මව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ සිද්ධිය වී සතියකට පසුවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top