Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
460
Views
ලෝක කුසලාන අවසන් මහා තරගය සමවීමෙන් පසුව පැවැති සුපිරි පන්දුවාරයද සමවීමෙන් ලෝක කුසලානයේ සම අයිතිය දෙපිලටම ලබාදීමට තිබු බවත් මෙවැනි දෙයක් සිදුවේයැයි අයි.සී.සී. නීති සකස් කළ පුද්ගලයන් නොසිතන්නට ඇතැයිද නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටේඩ් පවසයි.
 
 ‘‘මට විශ්වාසයි ඔවුන් නීති ලියන විට කිසි විටෙකත් ලෝක කුසලාන අවසන් මහා තරගයක මෙවැනි දෙයක් සිදුවේයැයි සිතන්නට නැති බව. ඉදිරියේදී ඔවුන් එය සමාලෝචනය කරනු ඇති බවට.’’
 
 කෙසේ වෙතත් නවසීලන්තයට සිදුවූ විශාලම පාඩු වූයේ ඕවර් ත්‍රෝ අවස්ථාවේදී ලකූණු පහ ලකුණු හයක් බවට විනිසුරු කුමාර් ධර්මසේන සංඥා කිරීමයි. නමුත් එම ලකුණු ගණන දෙන නීතිය හරියට තමා දැන නොසිටි බවද නවසීලන්ත පුහුණුකරුවා පවසයි. ‘‘ඇත්තටම මම ඒ නීතිය දැන සිටියේ නැහැ. නමුත් මිනිසුන් අතින් වැරදි වෙන්න පුළුවන්. විනිසුරුවනුත් මනුෂ්‍යයෝයි. ඒ ගැන අපි සැවොම දැන් පසුතැවිලා වැඩක් නැහැ. දැන් ඒක ඉතිහාසයෙන් අපෙන් ගිලිහුණා.’’ යැයි ගැරී වැඩිදුරටත් සඳහන් කරයි.
 
 තම කණ්ඩායම ලෝක කුසලාන වෙනුවෙන් ගෙවනු සති හයක කාලයේදී ඉස්තරම් ක්‍රීඩා විලාශයක නියැලූන බවද ගැරී සඳහන් කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top