Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
399
Views
ලෝක කුසලාන දිනා ගැනීමට නොහැකි වුවද නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ විලාශය තමාට මෙන්ම රටටද මහත් අභිමානයක් ගෙන දෙන්නක් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජැකින්ඩා ඇඩ‍්‍රන් මහත්මිය සඳහන් කර තිබේ.
 
 ‘‘අවසන් මහා තරගය ඉතාමත් විශිෂ්ට තරගයක් ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමට මම සුබ පතනවා. නමුත් මගේ කණ්ඩායම කළ ක්‍රීඩා විලාශය මට මහත් අභිමානයක්. සුපිරි පන්දුවාරය තුළ අපි ජාතියක් හැටියට වසරකින් වයසට ගියා කියලා හිතෙනවා.’’ 
 
 සුපිරි පන්දුවාරය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ‘‘ඇත්තටම සුපිරි පන්දුවාරය හරිම අවසානය නොවෙයි. නවසීලන්ත වැසියන්ට තමන්ගේ කණ්ඩායම සම්බන්ධව ආඩම්බර විය හැකියි. ඉරිදා නවසීලන්ත වැසියන් මෙන්ම මමත් තරගයේ තීරණය ගැන කම්පාවෙන් සිටියේ.’
 
 නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කරද්දී එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස්ගේ පියා පවසන්නේ නවසීලන්තය අවාසනාවන්ත වූ බවකි. ඔහු උපතින් නවසීලන්ත ජාතිකයෙකි. ඒ අතර කුසලානයේ සම අයිතිය දෙපිලටම ලබාදිය යුතුව තිබූ බවද තවත් පාර්ශ්ව සඳහන් කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top