Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
435
Views
අබ්දුල්ෆට්‌ටා ජන්දාලි (Abdulfattan Jandali) අරාබිමුස්‌ලිම් පවුලක උපත ලැබූවෙකි. සිරියාවේ හෝම්ස්‌හි ජීවත්වූ ඔහුගේ පියා කෝටිපතියෙකි. ඔහුට ස්‌විසර්ලන්තයේදී කතෝලික හා ජර්මානු සම්භවයක්‌ ඇති ජොආන් ෂීබල් (Joanne Schieble) මුණ ගැසුණු අතර ඔවුන්ගේ සම්බන්ධයට ෂිබල්ගේ පවුලේ සියලුම දෙනා විරුද්ධ විය. ඒ ජන්දාලි මුස්‌ලිම් සම්භවයක්‌ ඇතිකෙනකු නිසා ඔවුන්ගේ සම්බන්ධයට විරුද්ධවය. එහෙත් 1946 සිට මේ දෙදෙනා එකට ජීවත්වූ අතර 1954 තෙක්‌ සිරියාවේ හෝaම්ස්‌ හී ගතකළේය. 1955 දී ඔවුන් ඇමෙරිකා එක්‌සත් ජනපදයේ සැන්ෆ්‍රැසිස්‌කෝ හි ජීවත්වූ අතර විවාහ නොවී ඔවුන්ට 1955 පෙබවාරි මස 24 වන දින උපන් පිරිමි දරවා හදාවඩා ගැනීම පෝල් හා ක්‌ලේරා ජොබ්ස්‌ (Paul and Clara Jobs) යුවලට භාරදුන් අතර එම දරුවා නමින් ස්‌ටීවන් පෝල් ජොබ්ස්‌ (Steven Paul Jobs) විය.
 
 කුඩා කළ සිටම ස්‌ටීව් යාන්ත්‍රික විද්‍යාවට ඇලුම් කළේය. වයස අවුරුදු දහය වනවිට ස්‌ටීව් ඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණ කෙරෙහි වැඩි ඇල්මක්‌ දැක්‌වීය. මේ අතර අසල්වැසි ප්‍රදේශයේ සිටි ඉංජිනේරුවරුන් සමග ඔහු මිත්‍රවිය. කැලිෆෝනියාවේ ප්‍රාදේශීය පාසලකින් අධ්‍යාපනය ලත් ස්‌ටීව්, ඔරිගන්වල පෝට්‌ලන්ඩ් හි රීඩ් විද්‍යාලයට ඇතුළත් විය. 1961 දී ජොබ්ස්‌ පව්ල කැලිෆෝනියාවේ මවුන්ටන් වීම් වෙත සංක්‍රමණය වීව් ස්‌ටීව්ගේ ඉලෙක්‌ට්‍රොනික්‌ දැනීම ළඟාකර ගැනීමට ඉවහල් වූ කරුණක්‌ විය. පැලෝ ඇල්ටෝට දකුණින් පිහිටි මෙම ප්‍රදේශය ඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වෙමින් තිබිණි. එකල මිනිස්‌සු එම ප්‍රදේශය සිලිකන් නිම්නය ලෙස හැඳින්වීමට පටන් ගත්තේ මෙහි ඉලෙක්‌ට්‍රොනික කොටස්‌ නිෂ්පාදනය කිරීමේදී සිලිකන් නම් ද්‍රව්‍යයක්‌ භාවිත කිරීම නිසාය.
 
 උසස්‌ පාසලේ සිටියදී ස්‌ටීව් හෙව්ලෙට්‌ පැකාර්ඩ් කම්හලේ දේශනවලට සහභාගි විය. එහිදී ඔහු පළමු පරිගණකය දුටුවේය. ඔහු ඉතා පුදුමයට පත්වූ අතර පරිගණක සමග වැඩ කිරීමට අවශ්‍ය බව වහාම දැනසිටියේය.
 
 රීඩ් විද්‍යාලයේ ඉගෙනීම නැවැත්වූ ස්‌ටීම් ඉන් ඉවත් වී පලතුරු ආහාර සහ එල්. එස්‌.ඩී. කෙරෙහි වැඩි උනන්දුවක්‌ දැක්‌වීය. (LS.D යනු Lysergic acid Diethy lamide යන්නෙහි කෙටි වචනයකි. එය මනෝ භාවය වෙනස්‌ කරන රසායනික ද්‍රව්‍යයකි. රයි සහ අනෙකුත් ධාන්‍යමත වැඩෙන එර්ෆොට්‌ දිලීරයේ ඇති ලයිසර්ජික්‌ අම්මලය ගෙන ඇමෙරිකාවේ නීති විරෝධී රසායනාගාරවල මේවා පෙති හා කැප්ෂුල් වශයෙන් සාදයි.) ඔහු ඔරිගන්හි හිපි සමාජයකට සම්බන්ධ වූ අතර එහිදී ඔහුගේ ප්‍රධාන ක්‍රියාකාරකම් වූයේ ඇපල් වගාකිරීමයි.
 
 මාස කිහිපයකට පසු ස්‌ටීව් රැකියාවක්‌ සොයා නැවත කැලිෆෝනියාවට ගියේය. ඔහු තරුණ වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදකයකු වූ අටාරි ළඟ සේවය කොට උපයාගත් මුදල් එකතු කොට ගෙන රීඩ් විශ්වවිද්‍යාලයේ මිතුරකු සමග ඉන්දියාවට ගියේය. ආධ්‍යාත්මික අවබෝධ ලබා ගැනීමට ඔවුන් නීම් කරෝලි ආරාමයට ගිය මුත් නීම් කරෝලි බාබා මියගොස්‌ සිටි නිසා හයිඩාකාන් බබාජිගේ ආරාමයට දිගු ගමනක්‌ ගියේය. ඉන්දියාවේදී ඔවුන් දිල්ලියේ සිට උත්තර් ප්‍රදේශ් සහ හිමාචාල් ප්‍රදේශ් දක්‌වා ගියේය. මාස හතක්‌ ඉන්දියාවේ ගතකළ ස්‌ටීව් ජොබ්ස්‌ බෞද්ධාගම ගැන බෙහෙවින් කරුණු අවබෝධකර ගත්තේය. බෞද්ධ දර්ශනය හා නැගෙනහිර ආධ්‍යාත්මික දර්ශනය පිළිබඳව දැනුවත් විය. ඔහු පසුව සඳහන් කර සිටියේය. මෙම ප්‍රතිසංස්‌කෘතික අත්දැකීම් ඔහුට ජීවිතය හා ව්‍යාපාර පිළිබඳ පුළුල් දෘෂ්ටිකෝණයක්‌ ලබාදීමට ඉවහල් වූ බවයි. නැවත ඇමෙරිකාවට පැමිණි ස්‌ටීව් ගේ පෙනුම වෙනස්‌ වී තිබිණි. ඔහු හිස මුඩුකර තිබූ අතර සම්ප්‍රධායික ඉන්දියානු ඇඳුම් ඇන්දේය. ඔහුගේ කාමරය නිදන බෑගයක්‌, පැඳුරු, බෞද්ධ ධර්ම පොත් ඉටිපන්දමක්‌ භාවනා කොට්‌ටයක්‌ සහිත නිදන කාමරයක්‌ බවට පරිවර්තනය වී තිබිණි.
 
 ස්‌ටීව් නැවත රැකියාව සඳහා අමාරි වෙත ගිය අතර ආකේඩ් වීඩියෝ ක්‍රීඩාව සඳහා පරිපථ පුවරුවක්‌ නිර්මාණය කිරීම ඔහුට පැවරිණි. 1975 දී ස්‌ටීව් Rew පරිගණක සමාජය නමින් හැඳින්වෙන කණ්‌ඩායමයකට සම්බන්ධ විය. එහි සාමාජිකයකු මෙන්ම තාක්‌ෂණික විශාරදයකු වූ ස්‌ටීව් වොස්‌නියෑක්‌ කුඩා පරිගණකයක්‌ තැනීමට උත්සාහ ගනිමින් සිටියේය. එවැනි පරිගණක අලෙවි කරන හැකියාව පිළිබඳවද එයින් රැකියාවන්ද ආකර්ශනය වන බවද ඔහු කියාසිටියේය. 1976 දී ස්‌ටීව් ජොබ්ස්‌ සහ ස්‌ටීව් වොස්‌නිකුත් (Steve Woniak) ඔවුන්ගේම සමාගමක්‌ පිහිටුවා ගත්හ. ඔවුන් එය "ඇපල් පරිගණක සමාගම" ලෙස හැඳින්වූයේ ජොබ්ස්‌ ඇපල් වත්තක ඇපල් ඇහිදීම පිළිබඳව අතීත සිද්ධිය සිහිකිරීම සඳහාය. මේ අනුව 1976 අප්‍රේල් 1 දා ඇපල් පරිගණකය උපත ලැබීය. ඊළඟ මාසවල ස්‌ටීව් ජොබ්ස්‌ තම පියාගේ ගරාජයේ සිට ඇපල් අයි පරිගණක පුවරු එකලස්‌ කිරීම හා ඒවා ප්‍රදේශයේ පරිගණක අලෙවිකකකරුවන්ට විකිණීම ආරම්භ කළේය. 1977 මාර්තු මාසයේදී හිටපු ඉන්ටෙල් විධායකයාවූ ව්‍යාපාරික මයික්‌ මාක්‌කුලා ඇපල් සමාගමේ ඩොලර් 250,000 ක්‌ ආයෝජනය කිරීමට එකඟ විය. ඔහු පුද්ගලික පරිගණක විප්ලවය සඳහා ඇපල් 11 වර්ණ ග්‍රැෆික්‌ පරිගණකය පිළිබඳව විශ්වාසය තැබීය. ඇපල් 11 පරිගණකයේ භාවිතයේ පහසුව එහි නව අංගයන්, එහි අලංකාර බව ආදිය නිසා බොහෝ තරගකාරී පරිගණකවලට වඩා ඇපල් 11 විකුණුම්වල විශාල වර්ධනයක්‌ වූ අතර ඇපල් නිර්මාණකරුවන් කෝටිපතියන් බවට පත්කළේය.
 
 ඇපල් සමාගමේ සාර්ථකත්වය සමගම එහි ආයෝජන කිරීමට මහජනතාවටද ඉඩ ලබා දුන් අතර මුල් කොටස්‌ නිකුතුව 1980 දෙසැම්බරයේ පැවැති අතර සමාගම ආරම්භ වී වසර හතරකට පසුව ස්‌ටීව් ජොබ්ස්‌ ගේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 200 ඉක්‌මවා ගියේය. ඇපල් සමාගමේ සාර්ථකත්වය පරිගණක දැවැන්තයකු වන අයි. බී. එම්. හි අවධානයට ලක්‌වූ අතර 1981 දී ඔවුන්ද පුද්ගලික පරිගණක වෙළෙඳ පොළට එවීමට පටන් ගත්තේය.
 
 ස්‌ටීව් ජොබ්ස්‌ උසස්‌ පාසලේ හිටපු පෙම්වතිය වන ක්‍රිසන් බ්‍රෙනන් 1978 දී කුඩා දැරියක බිහි කළාය. ස්‌ටීව් පීතෘත්වය ප්‍රතිෂේප කළ අතර ඇපල් සමාගමේ විශාල ධනයක්‌ රැස්‌වී තිබියදීත් ස්‌ටීව් කිසිදු මුදලක්‌ දීම ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් ඔහු තම නව ඇපල් පරිගණකය කුඩා දැරියගේ නම වන "ලීසා" නමින් ඉදිරිපත් කළේය. කෙසේ වෙතත් ඔහු පසුව "ලීසා" ව්‍යපෘතියෙන් ඉවත් කරන ලදී. ඔහු ලාභ උපකරණයක්‌ යයි සිතිය හැකි පුද්ගලික පරිගණකයක්‌ වන මැකින්ටොෂ් (Macintosh) නම් කුඩා ව්‍යාපෘතියක්‌ 1981 දී ආරම්භ කළ අතර ඔහු එහි ප්‍රධානියා විය. එය ලීසා හි කුඩා අනුවාදයක්‌ බවට පත් කිරීමටද හැකිවිය. 1983 දී ලීසා ඇපල් සමාගමේ තවත් ප්‍රධාන හඬක්‌ බවට පත්වෙමින් ඇති බව පැහැදිලිවීමෙන් පසුව සමාගමේ සියලු බලාපොරොත්තු මැකින්ටොෂ් මත රැඳී සිටීමට පටන් ගත්තේය. 1983 දී ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ස්‌කිලීව ස්‌ටීව් ජොබ්ස්‌ බඳවා ගත්තේය. එහෙත් සමාගම සමග තිබූ මත ගැටුම් හා ව්‍යාපාර සැලසුම් අතර තිබූ පරස්‌පර විරෝධතා අනුව 1985 සැප්තැම්බර් මාසයේදී ස්‌කිලී ඉල්ලා අස්‌විය.
 
 මේ අතර ස්‌ටීව් නව නෙක්‌ස්‌ට්‌ යන්ත්‍රය සඳහා ඉහළම ප්‍රමිතීන් ඉලක්‌ක කර ගත්තේය. එය ලෝකයේ වඩාත්ම ස්‌වයංක්‍රීය කර්මාන්ත ශාලාවක්‌ තුළදී ඉදිකරන අතර හැකිතරම් දියුණු මෘදුකාංග ධාවනය කිරීමකි. පරිගණකයේ මෙහෙයුම් පද්ධතීන් වන නෙක්‌ස්‌ටෙප්, මිලිටරි හා විශ්වවිද්‍යාල විසින් භවිතා කරන ලෝකයේ වඩාත්ම ශක්‌තිමත් පද්ධතිය වන යුනික්‌ස්‌ මත පදනම් වනු ඇතැයි ඔහු තීරණය කළේය. සමාගමට මුදල් ගැලීමක්‌ තිබූ අතර එහි ප්‍රමුඛතම ආයෝජකයා වූයේ ටෙක්‌සාස්‌හි ප්‍රකෝටිපති රොස්‌ පෙරොට්‌ය.
 
 1993 වනවිට නෙක්‌ස්‌ට්‌ සමාගම සිය දෘඩාංග ව්‍යාපාරයද අතහැර දමා මෘදුකාංග සමාගමක්‌ බවට පරිවර්තනය විය. මේ අතර ස්‌ටීව්ට 1991 මාර්තු 18 වන දින විවාහ වූ බිරිඳ ලෝරන් ගෙන් රීඩ් නමැති පුතෙකු ලැබින.
 
 1986 දී ජොබ්ස්‌ ඩොලර් මිලියන 10 ක්‌ චිත්‍රපට නිෂ්පාදක ජෝර්- ලූකස්‌ ගේ ලුකස්‌ෆිල්ම්ස්‌ පරිගණක ග්‍රැෆික්‌ අංශයේ ග්‍රැෆික්‌ සමූහයට අරමුදල් ලෙස සැපයූ අතර එයින් ඩොලර් මිලියන 5 ක්‌ සමාගමේ ප්‍රාග්ධනය ලෙස ලබාදුන් අතර අනිත් ඩොලර් මිලියන 5 ලූක්‌ස්‌ ෆිල්ම්ස්‌ වෙත ගෙවන ලද්දේ තාක්‌ෂණික අයිතිවාසිකම් සඳහාය. පසුව මෙම සමාගම "පික්‌සාර්" ලෙස නම්කරන ලදි. පික්‌සාර් විසින් ඩිස්‌නි සමාගමේ හවුල් කාරිත්වය ඇතුව නිපදවන ලද පළමු චිත්‍රපටය වන "ටෝයි ස්‌ටොරි" Toy Story (1995) ජොබ්ස්‌ සමග විධායක නිෂ්පාදක ලෙස සම්මාන ලැබීය. ඉන් පසු වසර 15 ක්‌ තුළ පික්‌සාර් නිර්මාණය කළA Bug's Life (1998), Toy Story 2(1999),Monsters inc˙ (2001), Finding nemo (2003),The incredibles (2004),
 
 Cars(2008),Up (2009), සහ Toy Sory3 (2010), බෙහෙවින් ජනප්‍රිය වූ සජීවීකරණ චිත්‍රපටිය. Finding Nemo, The Incredibles, Ratatouille, Wall-E, Up සහ Toy Story 3 ඇකඩමි සම්මාන උළෙලවලදී හොඳම සජීවිකරණ විශේෂාංගය සඳහා ඔස්‌කාර් සම්මානයක්‌ දිනා ගත්තේය.
 
 1996 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 400 කට අධික මිලකට ජොබ්ස්‌ විසින් නෙක්‌ස්‌ට්‌ Next මෘදුකාංගය මිලයට ගත්තේය. ඊළඟ වසරේදී පුදුම සහගත සිදුවීමකදී ඇපල් සිය තරගකරු වන මයික්‍රොසොෆaට්‌ සමග හවුල්කාරීත්වයකට එළඹියේය. 1997 සැප්තැම්බර් මාසයේදී ස්‌ටීව් ජොබ්ස්‌ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කරන ලදී "අයිමාක්‌" මුදා හැරීම නිවේදනය 1998දී ජොබ්ස්‌ විසින් කළ අතර එහි දැරිය හැකි මිලකට බලගතු පරිගණකයක්‌ ඇතුළත් විය. "අයිබුක්‌" 1999 ජුලි මාසයේදී එළි දක්‌වන ලදී.මෙය දීප්තිමත් වර්ණවලින් ලබාගතහැකි ලැප්ටොප් එකක්‌ විය. රැහැන් රහිත දුරකථනයේ පරිගණක අනුවාදයක්‌ වන ඇපල්ගේ එයාර්පෝට්‌ එයට ඇතුළත් වන අතර එමගින් පරිශීලකයාට රැහැන් රහිතව අන්තර් ජාලයේ සැරිසැරීමට ඉඩ සලසයි. මිනිසුන් ආදරය කළ පළමු ඩිජිටල් සංගීත වාදකයාවන "අයි පොඩ්" ආරම්භක දිනයේ සිටම වාණිජමය අතින් සාර්ථක විය. පළමු වින්ඩෝස්‌ අයි- පොඩ් 2002 ජුලි මාසයේදී නිව්යෝර්ක්‌හි මැක්‌වර්ල්ඩ් හිදී ජෙබ්ස්‌ විසින් හඳුන්වාදෙන ලදී. 2005 ජුනි මාසයේදී ජොබ්ස්‌ නිවේදනය කළේ ඇපල් වඩාත් බලශක්‌ති කාර්යක්‌ෂමතාවය සඳහා "ඉන්වෙල්" භාවිතා කිරීමට පටන්ගන්නා බවයි. 2007 ජනවාරි 9 වන දින මැක්‌චර්ල්ඩ් හිදී ජොබ්ස්‌ අයිෆෝන් හඳුන්වා දුන්නේය. මයිම් Time සඟරාව එය 2007 වසරේ නව නිපැයුම ලෙස නම් කළේය. 2008 ජූලි මාසයේදී අංග තුනක්‌ වන ජී. පී. එස්‌. 3ජී දත්ත සහ ට්‍රයි බෑන්ඩ් යූ. එම්. ටී.එස්‌. සහිත අයිෆෝනයක්‌ හඳුන්වා දීමට ජොබ්ස්‌ සමත්විය. ඉන් පසුව හඳුන්වා දුන් අයි පෝන් 4 වඩා තුනී බවින් යුක්‌ත වූ අතර මෙගා ෆික්‌සල් පහත කැමරාවකින්ද 720 P HD වලින් යුත් වීඩියෝ පටිගත කිරීම සහ වීඩියෝ ඇමතුම් සඳහා ද්විතීයික ඉදිරිපස කැමරාවකින් යුක්‌ත විය. ජොබ්ස්‌ විසින් ලොවට හඳුන්වා දෙන ලද ඇපල් අයිෆෝඩ් යනු විප්ලවීය නිෂ්පාදනයක්‌ වන අතර එය දැනට අතේ ගෙනයා හැකි සංගීත උපාංග මත ගොඩ නගා ඇති ඩිජිටල් සංගීතය සඳහා ප්‍රමිතිය සකසා ඇත. 2008දී "අයිටියුන්ස්‌" එක්‌සත් ජනපදයේ දෙවන විශාලම සිල්ලර වෙළෙඳන්දා බවට පත්වී ඇති අතර ගී බාගත කිරීම් බිලියන හයකට අධික ප්‍රමාණයක්‌ සහ අයිෆොඩ් මිලියන 200 කට වඩා අලෙවි විය. ඇපල් සමාගම ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වඩාත්ම අගය කරන සමාගම් අතර අංක 1 ලෙස ශේ්‍රණිගත කර ඇත. ස්‌ටීව් ජොබ්ස්‌ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රැකියාවෙන් උපයා ඇත්තේ ඩොලර් මිලියනයක්‌ පමණි. එහෙත් ඇපල් සහ ඩිස්‌නි වෙතින් කොටස්‌ විකල්පයන් ඔහුට ඩොලර් බිලියන 8.3 ක ඇස්‌තමේන්තු ගත ධනයක්‌ ලබා දුන්නේය. මුදල් ගැන සඳහන් කළ ස්‌ටීව් ජොබ්ස්‌ වරෙක සඳහන් කළේය.
 
 "මට වයස අවුරුදු 23දී ඩොලර් 1,000.000 කටත්, මට වයස අවුරුදු 24 දී ඩොලර් 10,000.000 කටත් මගේ වයස අවුරුදු 25දී ඩොලර් 100,00,000 කටත් වඩා වැඩියි. මට එය එතරම් වැදගත් නොවුණේ මම කිසිවිටකත් මුදල් සඳහා එය නොකළ නිසාය."
 
 බෞද්ධ දර්ශන අනුගමනය කරමින් තම ජීවිතය සකසා ගත් ස්‌ටීව් ජොබ්ස්‌ ගත කළේ බොහොම චාම් ජීවිතයකි. එමෙන්ම ස්‌ටීව් ජොබ්ස්‌ නිතරම බොහොම සැහැල්ලුවෙන් සිටි කෙනෙකි. ඔහු සැම විටම ඩෙනිම් කලිසමකින් සහ කලුපාට ටී ෂර්ට්‌ එකකින් සැරසී ඇපල් අයිතමයන් ලොවට හඳුන්වා දෙනවිට මහජනයා හමුවේ පෙනී සිටියේය. ස්‌ටීව් ට දරුවන් තිදෙනකු සිටින අතර ඔහුගේ බිරිඳ දරුවන් සමග කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ හි ජීවත් වෙයි.
 
 2003 ස්‌ටීව්ට අග්න්‍යාශ පිළිකාවක්‌ ඇති බවට හඳුනාගත්තේය. ඊළඟ වසර කිහිපය තුළ ජොබ්ස්‌ සෞඛ්‍ය ගැටලු සමග පොරබඳිමින් සිටි අතර බොහෝ විට ඇපල් හි පාලනය ටිම් කුක්‌ වෙත පැවරීමට බල කෙරිණි. 2009 දී ස්‌ටීව්ට අක්‌මාව බද්ධ කිරීමේ සැත්මකට භාජනය කල අතර වසර දෙකකට පසුව බරපතළ සෞඛ්‍ය ගැටලු නැවත ඇතිවිය. ඔහු 2011 අගෝස්‌තු දක්‌වා වරින් වර ඇපල් සමාගමේ සේවය කළ අතර එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පත්වූ අතර එය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ස්‌ටීව් ඇපල් සමාගමෙන් විශ්‍රාම ගියේය. ඔහුගේ අග්න්‍යාශ පිළිකාව නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් 2011 ඔක්‌තෝබර් 5වන දින කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත විය. 2011 ඔක්‌තෝබර් 7 වන දින කුඩා පෞද්ගලික අවමංගල්‍යයක්‌ පවත්වන ලද අතර ජොබ්ස්‌ගේ පවුලට ගරු කිරීමෙන් වශයෙන් එම තොරතුරු ප්‍රසිද්ධියට පත් නොවීය.
 
 ඔහුට හිමිවූ සම්මාන කිහිපයක්‌ වනුයේ..... 1985 එක්‌සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් පිරිනමන ලද ජාතික තාක්‌ෂණික පදක්‌කම (ස්‌ටීව් වොස්‌නියෑක්‌ සමග)1987 රාජ්‍ය සේවය සඳහා ජෙෆර්සන් සම්මානය 1989 ඉන්කෝපර්ෂන් සඟරාව විසින් දශකයේ ව්‍යවසායකයා, 1991 හොවාඩ් සම්මානය -රීඩ් විද්‍යාලයෙන්, 2007 පෝචූන් සඟරාව විසින් ව්‍යාපාරයේ බලවත්ව පුද්ගලයා ලෙස නම් කරන ලදී. 2012 ග්‍රැමී භාරකරුවන්ගේ සම්මානය, ඔහුගේ මරණයෙන් පසුව 2013 දී ඩිස්‌නි පුරාවෘතයක්‌ ලෙස ඇතුළත් කරන ලදී. 2017 දී "ස්‌ටීව් ජොබ්ස්‌ රඟහල" ඇපල් පාර්ක්‌ හිදී විවෘත වූයේ ශතවර්ෂයේ නවීන ලොවක්‌ බිහිකළ මේ අනගි මිනිසාට උපහාර පිණිසය.
 
 මිනිසා නවීන ලොවක්‌ වෙත ගෙන ගිය මේ මිනිසා ගැන ද කාටූන් ශිල්පීන් බොහෝ කාටූන් වලින් වැඩිම ප්‍රමාණයක්‌ නිර්මාණය කර තිබුණේ ස්‌ටීව් ජොබ්ස්‌ මරණයෙන් පසුව දිව්‍ය ලෝකයට යැම පිළිබඳවය කාටූන් ශිල්පීන් බොහෝ අවස්‌ථාවලදී සමාජයට වින කරණ පුද්ගලයන්ව රටේ ධනය සූරාකන දේශපාලනඥයන්ට අඳින්නේ ඔවුන් අපායට යන ආකාරටය. එහෙත් මේ නව ලොවක්‌ මිනිසා වෙත ළඟාකර වීමට තමාගේ මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කළ මේ අනගි ශ්‍රෝෂ්ඨ මිනිසා...... ස්‌ටීව් ජොබ්ස්‌ තම මරණින් පසු දෙව් ලොවට ගිය බවට කාටූන් වලින් පෙන්වාදී තිබුණේ මේ ලොව ජනතාවගේ එකම කැමැත්තක්‌ ප්‍රාර්ථනාවක්‌ එය නිසා සහ ජොබ්ස්‌ට කරන උපහාරයක්‌ වශයෙනි.
cart11. ඩිලස්‌ (Dials) නම් කාටූන් ශිල්පියාගේ කාටූනයේ මරණයෙන් පසු ස්‌ටීව් ජොබ්ස්‌ සූට්‌කේස්‌ එකක්‌ද අතින් ගෙන දෙව්ලොවට ගොස්‌ ඇත. ඔහු දෙව්ලොව යනවිට සූරදූතයන්ගේ අත්වල ඇත්තේ ඇපල් අයිෆෝන්ය. ඇපල් අයි පොඩ්ය. ඇපල් අයි ටියුන්ස්‌ය ඔවුන් ඒවා බලමින්, සංගීතය විඳිමින් සිටී. ස්‌ටීව් ජොබ්ස්‌ දෙව්ලොවට පැමිණීම ඔවුන්ට මහත් සතුටකි. කාටූනයට යටින් වැකියක සඳහන් කර ඇත්තේ "ඔව්.......ඒ සඳහා අපට යෙදුමක්‌ තිබේ.(Yes,we Have An App For That...) ඔවුන් ඔහුගේ පැමිණීම තම පරිගණක උපකරණවල ඇප් එකක්‌ මඟින් සටහන් කර ගන්නා බව මේ කාටූනයෙන් පෙන්වා දෙයි.
 

cart22. හජෝ (Hajo) නම් කාටූන් ශිල්පියාගේ කාටූනයේ ස්‌ටීව් ජොබ්ස්‌ දෙව්ලොවට ගොස්‌ එහි ඇතුළුවීමේ දොරටුව අසල සිටී. මේ අතර දෙව්ලොව සූරදූත පැටව් එහි දොරටුවේ ඇපල් පරිගණක ලාංඡනය සවිකරයි. තවත් සුරපැටියෙක්‌. ඇපල් අයි ෆෝනයක්‌ අතේ තබාගෙන පාවී පාවී යයි. මේ අතර දෙව්ලොව දොරටුපාල දේවතාවා බෑගයක්‌ අතින්ගෙන විග විගහට එයි. එය දකින ජොබ්ස්‌ අත් ඔරලෝසුව බලා කියනවා. ඔබ පරක්‌කුයි. (You're Late) කියා. ඒ ඔහු ඒමට ප්‍රථම ජොබ්ස්‌ට පිළිගැනීමට සුර පැටව් සියලු දේම කර ඇත. එහෙත් දොරටුපාල දේවතාව නැතිව ජොබ්ස්‌ට දෙව්ලොව ඇතුළට යැමට නොහැක. ඒ නිසාය. ජොබ්ස්‌ කියන්නේ ඔබ පරක්‌කුයි කියා.
 

cart33. පරේෂ් (Paresh)ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ස්‌ටීව් ජොබ්ස්‌ ලොවට හඳුන්වා දුන් අයි මැක්‌, අයි පොඩ්, අයි ෆෝන්, අයි පෑඩ්, ආදියයි. කාටූනයේ අන්තිමට පෙන්වා ඇත්තේ ස්‌ටීව් ජොබ්ස්‌ ගේ සිරුර භූමදාන කර ඇති ස්‌ථානයේ සිහිවටනයක්‌ ලෙස අයි පෑඩ් එකක්‌ සිටවා ඇති ආකාරයයි. ඔහු සමාදානයේ සැතපී ඇති වළමත රෝස මලක්‌ද තබා ඇත. මෙම ස්‌ථානය හඳුන්වා ඇත්තේ "අයිරෙස්‌ට්‌ (i Rest) මම විවේක ගන්නවා." යනුවෙනි. කාටූනයේ (steve Jobs (1955-2011) යනුවෙන්ද සඳහන් කර ඇත.
 

cart44. බ්‍රසීල ජාතික කාටූන් ශිල්පී තරලි (Tharley)ගේ කාටූනයේ දැක්‌වෙන පරිදි ස්‌ටීව් ජොබ්ස්‌ දෙව්ලොවට ගොස්‌ එහි ඇතුළුවෙන තැන සිටින දොරටුපාල දේවතාවා අභියසට පැමිණ ඇත. දේවතාවා ඇපල් ලැප්ටොප් පරිගණකයක්‌ ක්‍රියාත්මක කරමින් සිටී. මේ අනුව පෙනී යන්නේ ඇපල් පරිගණක දෙව්ලොවටත් ගොස්‌ ඇති බවය. දේවතාවා ජොබ්ස්‌ට කියනවා...
 
 "ටිකක්‌ සන්සුන් වී ඉන්න මට ඔයාගේ නම බලන්න ඕනෙ. එයට මේක ලෑස්‌තියි" 
 
 (පෘතුගීසි භාෂාවෙන්) ඒ අනුව පෙනී යන්නේ ජොබ්ස්‌ දෙව්ලොවට යැමට ප්‍රථම ඔහු එහි පැමිණෙන බවට දෙව්ලොව පරිගණකයටද දැනුම් දී ඇති බවය.
 

cart55. රැන්ඩි බිෂ් (Randy Bish)ගේ කාටූනයේත් ස්‌ටීව් ජොබ්ස්‌ දෙව්ලොවට ගොස්‌ ඇත. එහිදී ඔහුට වැඩිමහල් දේවතාවෙක්‌ හමුවෙයි. ඔහු අතේ ඇත්තේ ඇපල් අයි ෆෝනයකි. ඔහු ඒ දෙස බලමින් ජොබ්ස්‌ට කියනවා. ...." ඇත්තම කිව්වොත් ජෝබ්ස්‌ මහත්මයා අන්තිම වතාවට ඇපල් ගෙඩියක්‌ මෙතරම් උද්දීපනයක්‌ ඇති කළ නිසා ආදම්, ඒව සහ සර්පයාද එයට සම්බන්ධ විය. 
 
 (To Be Honest,Mr Jobs,the Last time An Apple Caused so Much Excitement Around, Eve, and a Snake) the Mrwdoï සහ ඒව සර්පයා දුන් ඇපල් ගෙඩිය කා ලෝකයට නව මිනිස්‌ පරම්පරාවක්‌ බිහිකර ලෝකය වෙනස්‌ කළේය. එමෙන්ම ස්‌ටීව් ජොබ්ස්‌ ඇපල් පරිගණක පද්ධතිය ලොවට හඳුන්වාදී ලෝකයේ ගමන් මඟ වෙනස්‌ කළේය. මේ ඇපල් ගෙඩියක ඇති ඒ ප්‍රාතිහාර්යය ගැනය දේවතාවා ජොබ්ස්‌ට කියන්නේ.
 

cart66 තොමී (Thommy)ගේ කාටූනයේ දැක්‌වෙන්නේ මරණීන් පසු දෙව්ලොවට ගිය ස්‌ටීව් ජොබ්ස්‌ ඔහුට කලින් දෙව් ලොවට ගිය මහත්මා ගාන්ධිතුමාව හමුවීමයි. ස්‌ටීව් ගාන්ධිතුමාගේ උරහිසින් අල්වාගෙන ඔහුට ඇවිදීමට උපකාර කරමින් ඔහුත් සමග ඉදිරියට ගමන් කරයි. ජොබ්ස්‌ අතේ ඇපල් ගෙඩියක්‌ද කාටූනයේ ඇත. කාටූනයේ වැකියක්‌ ලියා ඇත. " වෙනස්‌ ලෙස සිතමින් .....ලෝකය වෙනස්‌ කළේය." (Thought Diffrerently and Chaned the Worrld) මහත්මා ගාන්ධිතුමා අවිහිසාවාදය මගින් ලෝකයට පාඩමක්‌ කියාදී ලොව වෙනස්‌ කළේය. ජොබ්ස්‌ ඇපල් පරිගණකය ලොවට හඳුන්වාදී ලොව ගමන් මග වෙනස්‌ කළේය. මෙසේ ලොව හොඳ පැත්තට යොමු කළ මේ ශ්‍රෝෂ්ඨ මිනිසුන් දෙදෙනා මරණීන් පසු නැවත ඉපදී ඇත්තේ දෙව්ලොව බව මේ කාටූන් ශිල්පියා පෙන්වා දෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top