Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
582
Views
ශ්‍රී ලංකා තරඟ සංචාරයට එක්වන බංගලාදේශ ක්‍රිකට් සංචිතය අද නම්කර තිබෙනවා.

එළඹෙන 26 වැනිදා සිට 31 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියට එක්දින තරඟ 3 ක් ඇතුලත්.

එම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙම තරඟ සංචාරයේද බංගලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක මෂ්රෆි මෝර්ටාසාටයි.

මේ අතර මෙම සංචිතයට බංගලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් එක් නොවීම විශේෂත්වයක්.

ඔහු විසින් සිදුකළ පෞද්ගලික ඉල්ලීමකට අනුව මෙලෙස ඔහු ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් විවේක ගන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ක්‍රිකට් සංචිතය පහතින්.

මෂ්රෆි මෝර්ටාසා (නායක) 
තමිම් ඉක්බාල්
මුෂ්ෆිකර් රහීම් 
සබීර් රෙහ්මාන් 
සෞම්‍ය සර්කාර් 
මොහොමඩ් මිතුන් 
මහමදුල්ලා රියාද් 
මොසදික් හුසේන් 
රුබෙල් හුසේන්
මස්ටෆිසුර් රෙහ්මාන් 
මෙහෙදි හසන් මිරාස් 
මොහොමඩ් සයිෆුදීන් 
එනමුල් හක්
ටයිජුල් ඉස්ලාම්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top