Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
681
Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේ වාසිය එංගලන්තයට නතුවීමේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වූ අවසන් පන්දු වාරයේදී එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී ගිය පන්දුවට ලකුණු 06ක් පිරිනැමීමේ සිදුවීම පිළිබඳ මේ වන විට දැඩි ආන්දෝලනාත්මක කථාබහක් ඇතිව තිබෙනවා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරඟ නීති පද්ධතියේ සඳහන් වන්නේ පන්දු රකින්නෙකු යොමු කරන පන්දුවක් හතරේ සීමාව වෙත ඇඳී ගියහොත් එම ලකුණු 04ට අමතරව පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිලිහෙන අවස්ථාව වන විට පිතිකරුවන් සම්පූර්ණ කර තිබූ ලකුණු මුළු ලකුණු සංඛ්‍යාවට එක්වන බවයි.

ඊට අමතරව පන්දු රකින්නාගේ අතින් ගිලිහෙන අවස්ථාවේ තවත් ලකුණක් කරා දිව යමින් සිටින පිතිකරුවන් දෙදෙනා එකිනෙකා පසුකර තිබුණොත් පමණක් එම ලකුණ ද මුළු ලකුණු සංඛ්‍යාවට එක්විය යුතු බව, එහි සඳහන් වනවා. 

කෙසේ වෙතත්, මාර්ටින් ගප්ටිල්ගේ අතින් පන්දුව ගිලිහෙන අවස්ථාවේ අදීල් රෂීඞ් සහ බෙන් ස්ටොක්ස් එක් ලකුණක් පමණක් සම්පූර්ණ කර තිබූ නමුත්, දෙවන ලකුණ සඳහා දිව යාම ආරම්භ කර තිබුණ ද, එකිනෙකා පසුකර තිබුණේ නැහැ.

ඒ අනුව නීති ප්‍රකාරව ඔවුන්ට හිමි විය යුත්තේ ලකුණු 5ක් පමණයි. 

නමුත්, එම අවස්ථාවේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන සිය අනෙක් විනිසුරු සගයන්ගේ මතය විමසීමෙන් පසු එංගලන්තයට ලකුණු 6ක් ලබා දුන්නා.

හිටපු ක්‍රිකට් විනිසුරුවරයෙකු මෙන්ම, වර්තමානයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ නීති අංශයේ සාමාජිකයෙකු ද වන සයිමන් ටෝෆල් පෙන්වා දෙන්නේ එම අවස්ථාවේ වැඩිපුර ලකුණක් ලබාදීම මෙන්ම ඊළඟ පන්දුවට මුහුණදීමේ අවස්ථාව බෙන් ස්ටොක්ස්ට ලබාදීම ද විනිසුරුවන් අතින් සිදුවූ බරපතල වරදක් බවයි.

යම් හෙයකින් විනිසුරුවන් නීතියට අනුව කටයුතු කළා නම් තරඟය ලකුණු සමවීමකින් අවසන් නොවී, නවසීලන්තය මේ වන විට ලෝක කුසලානයේ උරුමකරුවන් වීමට ඉතා ඉහළ අවස්ථාවක් තිබූ බව බොහෝ ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top