Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 16
ක්රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟවලදී කණ්ඩායම් දෙක සම ලකුණු ලබාගෙන සුපිරි ඕවරයේදීත් තීරණයකට එළඹීමට නොහැකි වුවහොත්, කණ්ඩායම් දෙකම සම ජයග්රාහකයන් ලෙස නම් කළ යුතු බවට නවසීලන්ත ප්රධාන පුහුණුකරු ගැරී ස්ටේඩ් යෝජනා කරනවා.
ඔහු කියා සිටියේ මෙවර ලෝක කුසලානයේ ජයග්රාහකයා තීරණය කළ යුතු ආකාරයෙන් සමීප දස්කම් දක්වන කණ්ඩායම් වෙන් නොකළ යුතු බවයි.
පන්දු වාර 100ක් තරඟ වැදී සුපිරි පන්දු වාරය ද සම වේ නම් කණ්ඩායම් දෙකම සම ජයග්රාහකයන් ලෙස නම් කළ නොහැක්කේ මන්දැයි ඔහු ප්රශ්න කළා.
නවසීලන්තය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී හතරේ පහරවලින් පරාජයට පත්වීම ඛේදවාචකයක් ලෙසයි නවසීලන්ත නායක කේන් විලියම්සන් හැදින්වූයේ.
Top