Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
298
Views
චන්ද්‍ර යානා - 2 නමැති ඉන්දියාවේ සඳතරණ අභ්‍යවකාශ යානය ගුවන් ගත කිරීමට විනාඩි 56 ක් තිබියදී තාක්‍ෂණ දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දමන ලදී.
 
 මෙම සැටලයිටය ඉන්දියාවේ සිහාරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජුලි 15 දා ගුවන් ගත කිරීමට නියමිතව තිබිණි.
 
 ඩොලර් මිලියන 150 ක මෙම අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ මෙම යානය සඳෙහි දක්‍ෂිණ ධ‍්‍රැවය වෙත යැවීමට සැලසුම් කර තිබිණි.
 
 එමගින් චන්ද්‍රයාගේ මතුපිට පරීක්‍ෂා කිරීම ඉන්දියාවේ අරමුණ විය.
 
 මෙය සාර්ථක වූයේ නම් සඳමතට යානයක් යවන ලද සිව්වන රට ඉන්දියාව බවට පත්වීමට ඉඩ තිබිණි.
 
 ඇමරිකා එක්සත් ජනපදය, චීනය හා පැරණි සෝවියට් දේශය මීට පෙර සඳමතට යානා යවා තිබේ.
 
 2008 වසරේ ඉන්දියාව චන්ද්‍රයානා -1 යානය සඳවෙත යවන ලද මුත් එය සඳ මතට ගොඩ නොබාන ලදී.
 
 චන්ද්‍ර යානා 2 අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීම සඳහා ඉන්දියාව අධිබලැති රොකට්ටුවක් උපයෝගී කරගෙන තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top