Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
288
Views
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති සංශෝධන පිළිබදව තවදුරටත් සාකච්ඡා කළයුතු බව මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ප්‍රකාශ කළා. 

ඒ, ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙරට මුස්ලිම් ජනතාවගේ විවාහ සහ දික් කසාදවලදී අදාළ වන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පිළිබඳ නීතියයි. 

එම නීතියේ මුස්ලිම් කාන්තාවක් විවාහයට පත්වීමේ අවම වයස් සීමාවක් අඩංගු නොවන අතර, වයස අවුරුදු 12ට අඩු ගැහැණු දරුවෙකු වුවද වැඩිවියට පත්ව සිටින්නේ නම්, ක්වාසි විනිසුරුවරයෙකුගේ අවසරය මත ඇයව විවාහ කර ගත හැකියි.

එමෙන්ම, මුස්ලිම් කාන්තාවකගේ විවාහයකදී ඇගේ අභිමතය ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් නොවන අතර, එහි අවසන් තීරණය ගනු ලබන්නේ ඇගේ පියා හෝ භාරකරුවා විසිනුයි. 

වලංගු පෙර විවාහයක් පවතින්නෙකුට තවත් විවාහයක් සිදුකර ගැනීම පොදු නීතියට අනුව තහනම් වුව ද, මුස්ලිම් විවාහ නීතියේදී එක් පුද්ගලයෙකුට විවාහයන් 4 ක් සිදුකර ගැනීමට අයිතිය හිමිවනවා.

මානව හිමිකම් සංවිධාන සහ සිවිල් සංවිධාන දැඩිව විවේචනය කළ මෙම විවාහ නීතිය පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. 

මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලූ මුස්ලිම් මැති ඇමතිවරුන් එක්ව සිදුකළ සාකච්ඡාවකදී මුස්ලිම් විවාහ නීතියේ ඇතැම් කරුණු සංශෝධනය කිරීමට එකඟතාව පළ වී තිබෙනවා.

විවාහය සදහා අවම වයස් සීමාව අවුරුදු 18 ක් කිරීම, විවාහයේදී ස්ත්‍රියගේ අභිමතය අනිවාර්ය කිරීම, විවාහ ලේඛණයේදී කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම ඇතුළු වගන්ති 10ක පමණ සංශෝධන ඇති කිරීමට එහිදී එකගතාව පළ වූ බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව මුස්ලිම් ක්වාසි අධිකරණයට ස්ත්‍රීන් පත් කිරීමේ යෝජනාවකට පසුගියදා පැවති සාකච්ඡාවකදී මුස්ලිම් මන්ත්‍රීවරුන් එකග වී තිබෙනවා.

මුස්ලිම් මැති ඇමතිවරුන් අතර ඒ පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා සිදුවුවද ආගමික සමාජය සහ ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වන යෝජනා පිළිබදව සැලකිල්ලට ගනිමින් මෙලෙස සාකච්ඡා පුළුල් කළ යුතු බවයි මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හලීම් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඒ පිළිබඳව කථිකාවක් ඇති වීම සුබදායක නමුත් හැකි ඉක්මනින් එම නීතිය සංශෝධනය කළ යුතු බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top