Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
1,262
Views
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ පුංචි කල සිටම සංගීතයත් එක්ක හැදී වැඩුණු කෙනෙක්. ඇයට සංගීතය අමුතුවෙන් ඉගෙන ගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසාම රසට ගයන්න ඇයට හැකියාවක් ලැබුණා. තාරුණ්‍යයේ හදවත් ගීතයෙන් හා රංගනයෙන් සොරා ගත් ඇය ගැනයි මේ. 

කාවින්ද්‍යා ඔබ මේ දිනවල යොමුවෙලා තියෙන කටයුතු මොනවාද?
මම මගේ අම්මගේ කලායතනය වන එරන්දතී කලායතනයේ වැඩ බාර අරගෙන කරගෙන යනවා. ඒ නිසා අවුරුද්දෙ මුල සහ මැද මම ගොඩක් කාර්යබහුල වෙනවා.
 
ඔබ එරන්දතී කලායතනයේ ගුරුවරියක ලෙස කටයුතු කරනවාද?
නැහැ. මම එහි ප්‍රධානියෙක් විදිහට පරිපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්නෙ.
 
හදිසියේම එවන් වගකීමක් ගන්න හිතුවෙ ඇයි?
මගේ අත්තම්මා තමයි ඒ වැඩකටයුතු කරගෙන ගියේ. ඇය දැන් ටිකක් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මම ඒ කටයුතු භාර අරගෙන කරගෙන යනවා.
 
ගායනය, රංගනය, නිවේදනය, විතරක් නෙවෙයි, පරිපාලනයටත් අවස්ථා උදාවෙත්දි ඔබ වඩාත් කැමැත්තෙන් බාරගන්නෙ කුමක්ද?
මම හොඳටම අතරමං වෙලා ඉන්නෙ. මම තවම මේ ගැන හිතනවා. ඔය හැම දෙයක්ම මම පටන් ගත්තා විතරයිනෙ. මේ දේවල් මා වටා තියෙන චක්‍රයක් නම් මම ඉන්නෙ එහි මැද.
 
කාවින්ද්‍යාගේ සිහිනයේ රැඳී තිබුණෙ මොනවගේ ක්‍ෂේත්‍රයක්ද?
ඇත්තටම කිව්වොත් නර්තනය තමයි මම හැදෑරුවේ. සංගීතය හදාරල නැහැ. ගායනය කරන්න ආසාවක් තිබුණෙ නැහැ. සංගීතය මගේ අම්මගෙන් හා තාත්තගෙ පාර්ශ්වයෙන්ම මට උරුම වුණ දෙයක්. රංගනය මම කොහොමටවත් හිතලා තිබුණෙ නැති පැත්තක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි මාව එතුමාගේ ඝරසරප චිත්‍රපටයේ රඟපාන්න තෝරාගෙන මගේ හිතේ රංගනයට ආසාවක් ඇතිකළේ. නිවේදනයටත් මට ඇරයුම් ලැබුණෙ අහම්බෙන්.
 
කාවින්ද්‍යා සිනමා රංගනයෙන් පටන් අරන් පසුව පුංචි තිරය තෝරාගත්තෙ ඇයි?
ඝරසරප වලින් පස්සෙ මට ආරාධාන හතරක් විතර ලැබුණා. එත් එහෙම දෙයකට යන්න ආසාවක් ඇතිවෙලා තිබුණෙ නැහැ. නමුත් සක්කාරං පොත කියෙව්වට පස්සෙ මට පුදුමාකාර ආසාවක් ඇතිවුණා ඒ නිර්මාණයෙ රඟපාන්න. මොකද සක්කාරං දළදා මාළිගාවේ තේවාව කරන සමාජය ඇසුරු කරගෙන නිර්මිත කතාවක් නිසා.
 
වෘත්තීන් කිහිපයකම හිමිකාරියක් වී සිටින කාවින්ද්‍යා දැන් ආර්ථික පැත්තෙන් ස්වාධීන කෙනෙක්ද?
ඔව්. මට හිතෙනව මම දැන් ස්වාධීනයි කියලා. මට දැන් අවුරුදු විසිතුනක් වෙනවා. මම උපයන කෙනෙක් විදිහට මගේ අතේ සල්ලි තියෙනව නම් මගේ අම්මයි, මල්ලියි, ආච්චියි, සීයයි වෙනුවෙන් වියදම් කරන්න කොයිම වෙලාවකවත් පැකිලෙන්නෙ නැහැ. මොකද මට ඒ අය ගොඩක් වටින නිසා.
 
කාවින්ද්‍යා කලා ලෝකයේ වාසනාවන්තියක කිරීමට බලපෑ කාරණාව ජනප්‍රිය දෙමවුපිය යුවළක් හිමිවීමමද?
මගේ අම්මා, තාත්තා සහ උඩ ඉන්න දෙවියන් නිසා මට මේ ජීවිතය ලැබිලා තියෙන්නෙ. මේ තරම් දේවල් ලැබෙන්න ගොඩක් ගේ‍්‍රට්ෆුල් වෙන්න ඕන කියලා මම හිතනවා. මේ වාසනාව මට මගේ අම්මගෙන් ලැබුණ ගුණයක් කියලා මම දකිනවා. කොයි තැනකට ගියත් රසික රසිකාවියන් ඇවිත් අම්ම එක්ක කතාකරන විදිහ ඒ වෙලාවට මගේ ඇස්වලට කඳුළු එනව.
 
ධම්මිකා සුරංජි පතිරණ
දිවයින
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top