Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
744
Views

ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානක් දිනා ගන්නට එංගලන්තයට වසර 44 ක් පුරා ලතවෙන්නට සිදුවිය. නමුත් දක්ෂතාව සහ වාසනාව සමග 2019 ලෝක ශූරතාව සිය ක්‍රිකට් ලොව උත්කර්ෂවත්ම තරගයකදී ලබා ගැනීමට ඔයින් මෝගන්ගේ කණ්ඩායම සමත් විය.
 
 ‘‘මම සහ මගේ කණ්ඩායම පසුගිය සිව් වසර පුරා ඉතාමත් මහන්සි වුණා මේ තත්ත්වයට එන්න. ඒ වෙනුවෙන් අපි සැලසුම් කිරීම, මහන්සි වී වැඩ කිරීම සහ අද දිනයේ වාසනාව සියල්ලම අපි ඉක්මවා ගියා. අපි ජයග්‍රහණය වෙනුවෙන් අපි සමග සිටි ලෝක ජනතාවට සහ ඒ වෙනුවෙන් සේවය ලබාදුන් සියලූ දෙනාටම බෙහෙවින් ස්තුති කරනවා. ඇත්තටම මේක අතිවිශිෂ්ට ජයක්.
 
 තරගාවලිය ආරම්භයේ සිටම මෙවර ලෝක කුසලාන දිනා ගනු ඇතැයි බොහෝ දෙනා සිතුවේ එංගලන්ත කණ්ඩායමයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු සියලූම දෙනාට එංගලන්ත නායකයා සිය ස්තුතිය පුද කර සිටියි.
 
 ‘‘තරගාවලිය ආරම්භයේ සිටම බොහෝ දෙනා අප දිහා විශ්වාසයෙන් බැලූවා. ගොඩක් මිනිසුන් අපි දිනයි කියලා විශ්වාස කළා. ඒ සියලූ දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි විශ්වාස කළාට.’ 
 
 අවසන් මහා තරගයේ පීඩනය සම්බන්ධයෙන්ද ඔයින් මෝගන් මෙසේ පවසයි. ‘‘ඇත්තටම එදා දවස විශාල පීඩනයක්. නමුත් සිනහවීමට හෝ විනෝද වීමට අපිව නොයෙකුත් අය දිරිමත් කළා. සුපිරි ඕවරයේදී ලකුණු ගණන ආරක්ෂා කිරීම විශාල පීඩනයක්. නමුත් මගේ කණ්ඩායම ඒ දේ විශිෂ්ඨ ලෙස කළා. සුපිරි ඕවරයේදී සියලූ දෙනාටම විශාල පීඩනයක්. ඇත්තටම අපි වෙහෙස මහන්සි වී වැඩ කළා. අපි දැන් මේ ජයග්‍රහණය භුක්ති විදිනවා. නමුත් අපි එදා පැරදුනත් දිනුවත් අපි පසුගිය කාලයේ ඇදහිය නොහැකි දේ කරලා තියෙනවා.’’
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top