Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
1,164
Views
ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු සමවීමෙන් පසුව සුපිරි පන්දුවාරයකින් ජයග්‍රහණය තීරණය කිරීමේ නීතිය පැමිණෙන්නේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව හරහාය. නමුත් එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති අවසන් මහා තරගයේදී සුපිරි පන්දුවාරයේදීත් දෙපිලේම ලකුණු සම විය. අනතුරුව නීතිය සීමා පහරවල් වැඩිම ගණනක් එල්ල කළ කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීමයි. එය සුපිරි පන්දුවාරයේ තවත් නීතියකි.
 
 2011 ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයේදී පළමු වරට ලෝක කුසලානයක සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය තීරණය කිරිමේ නීතිය ඇතුළත් විය. අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2015 ලෝක කුසලානයේදී, චැම්පියන්ස් කුසලාන සහ 2019 අවසන් මහා තරගයට පමණක් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ නීතිය ඇතුළත් කර තිබුණි. තීරණාත්මක තරගවලට පමණක් එම නීති ඇතුළත් කිරීම තරග සංවිධායකයන්ගේ තීරණය අනුව සිදුකළ හැක.
 
 තරගයක් සමවීමෙන් පසුව ක්‍රියාත්මක වන සුපිරි පන්දුවාරයේ නීති රීති කිහිපයක්ම තිබේ. එම පන්දුවාරයට පමණක් ඩක්වර්ත් ලූවිස් න්‍යායද (වර්ෂාව හෝ වෙනත් ක්‍රියාවක් මගින් ඕවරය යැවීමට නොහැකි වුවහොත්) ක්‍රියාත්මක කළ හැක. සුපිරි ඕවරයේදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ යුතු වන්නේ අවසන් වරට පිතිකරණයේ යෙදිය සිටි කණ්ඩායමයි. එහිදී කාසියේ වාසිය අවශ්‍ය නොවේ. ඒ අනූව පෙරේදා පැවැති අවසන් මහා තරගයේදී එංගලන්තයට පළමුව පිති ප්‍රහාරයේ නිරතවීමට සිදුවිය.
 
 සුපිරි ඕවරයේදී පන්දුවට පහර දිය හැක්කේ පිතිකරුවන් තිදෙනකුට පමණි. කඩුලූ දෙකක් දැවී ගියහොත් ඉන් එහාට පන්දු ඉතිරිව තිබුණද වෙනත් පිතිකරුවකුට පහරදිය නොහැක. ඒ අනූව සුපිරි ඕවරයේ පන්දුවට පහර දෙන්නේ කුමන පිතිකරුවන් තිදෙනාද යන්න නායකයා විසින් විනිසුරුව දැනුවත් කළ යුතුවේ. සුපිරි ඕවරයේදීත් තරගය සම වුවහොත් ජයග්‍රහණ පිරිනමන්නේ පුර්ණ තරගයේදී වැඩිම සීමා (හතරේ පහර) එල්ල කර ඇති කණ්ඩායමටය. එයද සම වුවහොත් සුපිරි පන්දුවාරයේ හය වැනි පන්දුවට වැඩිම ලකුණු ගණනක් ලබා ගත් කණ්ඩායමට ජයග්‍රහණය හිමිවේ. එයද සම වුවහොත් පස්වැනි, සිව්වැනි, තෙවැනි සහ පළමු පන්දුව තෙක් වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම සොයා ජයග්‍රහණය පිරිනමනු ලබයි. නමුත් මෙතෙක් හතරේ පහරවල් සමවු තරගයක් වාර්තා නොවී ඇති බැවින් සුපිරි පන්දුවාරයේ එක් එක් පන්දුවලට වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම සෙවීමේ අවස්ථාවක්ද සිදුව නැත.

අසේල විතාන එංගලන්තයේ සිට
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top