Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
426
Views
මොනරාගල- නයන ඉහල ගෙදර 
 
මොනරාගල නගරයේ තවකාලික කාමරයක ජිවත් වූ පවුලක පුතා විසින් සිය පියා ඝාතනය කර තිබිය දී සොයා ගත් බව මොනරාගල පොලිසිය පවසයි.
 
 මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ මොනරාගල නගරයේ කුලී කාමරයක ජීවත් වූ ලොතරැයි වෙළෙන්දෙක් වන පන්නල දුක්ගන්නා රාලලාගේ විජේරත්න නමැති වයස අවුරුදු 69 ක අයෙකි. 
 
 මෙම ඝාතනයට සැකපිට ඔහුගේ වයස අවුරුදු 25ක පුතා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ගෙන ඇත. මෙම සිද්ධිය පොලිස් දැනුම් නොදී වසන් කළ මිය ගිය අයගේ බිරිඳ ද පොලිසිය භාරයට ගෙන ඇත. 
 
 මිය අයගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද මොනරාගල මහෙසත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිතය. අත් අඩංගුවට පුතා සහ මව අද මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොනරාගල පොලිසිය සිදු කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top