Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
255
Views
කල්එළිය චන්ද්‍රවීර වික්‍රමරත්න, ඒකල සැනිමන් ද සිල්වා, කඳාන රුක්මන් පිංතු - වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ
 
වේයන්ගොඩ - වඳුරව දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ දුම්රිය යතුරුපැදි අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පියකු හා දියණියක එම ස්ථානයේ දී මිය ගොස් ඇත.ඊයේ (15 දා) උදෑසන 6.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ජාඇල කොටුගොඩ සඳුන් උයන අංක 38/5/1 නිවසේ පදිංචිව සිටි රුවන් සංජීව චින්තක සිල්වා (44) හා ඔහුගේ දියණිය වූ රුසදි ඩිලන්සා (11) යන දෙදෙනායි.
 
 රුවන් සංජීව සිය බිරිඳ වූ ඉරේෂා දිල්හානි මහත්මිය ගේ පියාගේ තෙමස් දානමය හා පිරිත් පිංකමට සහභාගි වී සිය දියණිය පාසලට ඇරලවීම සඳහා යමින් සිටියදී කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙලෙස මියගොස් තිබිණි.
 
 බප/මීග රද්දොළුගම පක්‍ද්ක්‍දානන්ද විදුහලේ 6 වසරේ ඉගෙනුම ලැබූ රුසදි ඩිලන්සා ශිෂ්‍යාවගේ පංතියේ පැවැත්වෙන විභාගයක් සඳහා පෙනී සිටීමට සිය පියා සමග පැමිණෙමින් සිටියදී අනතුර සිදුවී ඇති බව හෙළිවී ඇත.
 
 මිය ගිය පියාගේ හා දියණියගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇත.
 
 වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top