සාගරය කියන්නේ වෙනත් ග්‍රහලෝකයක් තරමටම පුදුමයන්ගෙන් පිරුණු තැනක්. ඒ වගේම අනන්ත ජීවින් සංඛ්‍යාවකට ආහාර සෙවන දෙන පරිසර පද්ධතියක්. ඒ අතරිනුත් කොරල් ජීවින් කියන්නේ අතිශය ඉහල ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක් විදියට හඳුනා ගන්න පුළුවන්.
කොහොම වුනත් මිනිස්සුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා සාගර ජලය සිමාව ඉක්මවා දුෂණය වීමත් සාගර උෂ්ණත්වය ඉහල යාම වගේ හේතුන් නිසාත් ලෝකයේම තියන කොරල් පර විනාශ වීමේ අවධානමක් ඇති වෙලා තියනවා. මේ විනාශය දැනට දශක ගණනාවක් තිස්සේ සිදු වෙමින් තිබුන දෙයක් වුනත් අද වෙනකොට එම විනාශ වීමේ සිඝ්‍රතාවය ඉතාම ඉහලයි. ලෝකයේ විශාලම කොරල් පරය වන ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයත් මේ වෙනකොට මිය යමින් තියන බව සොයාගෙන තියනවා.
ඉතින් ලොව පුරා ඉන්න පරිසර විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන් වගේ නොයෙක් පිරිස් මේ කොරල් වලට සිද්ධ වන හානිය අවම කරගන්න එක එක ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඉතින් මේ විදියට අරගෙන තියන එක ක්‍රියාමාර්ගයක් තමයි රොබෝ තාක්ෂනය යොදා ගැනීම.
මේ රොබෝවන් හරහා කොරල් කීටයන් කොරල් පර වෙත මුදා හරිමින් ඒවා වර්ධනය කරන්න මේ ගැන පර්යේෂණ කරන පිරිස බලාපොරොත්තු වෙනවා.