පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගැණුනු 10වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා මේ මස 29 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ත්‍රස්ත විමර්ශන ඒකකය අද අධිකරණය හමුවේ සදහන් කළේ සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් වී නොමැති බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින අනෙක් සැකකරුවන් 9 දෙනාට අදාළ නඩුව ද ඔක්තෝම්බර් 7 දක්වා මෙහිදී කල් තබනු ලැබුවා.