Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
738
Views
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් උලුපිටිය ප්‍රදේශයේ නිවසකට ජනේලයකින් ඇතුළු වු කාන්තාවක් එම නිවස තුළ නිදා සිටි පුද්ගලයකුට ⁣පිහියෙන් ඇණ එම පුද්ගලයාගේ බිරිඳගේ අත්බැගය සොරකමි කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
පිහි ඇණුමෙන් තුවාල ලැබු බලන්ගොඩ උලුපිටිය ප්‍රදේශයේ පදිංචි හතලිස් තුන් හැවිරිදි පුද්ගලයා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහරෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

පිහි ඇණුමෙන් තුවාල ලැබු පුද්ගලයා පළමු විවාහයෙන් වෙන් වි ඇති අතර දෙවැනි විවාහක බිරිඳ සමග මෙලෙස අද (15) අලුයම නිවසේ ඇඳ උඩ නිදාගෙන සිටින අවස්ථාවෙිදි එම පුද්ගලයාගේ පළමු බිරිඳ පැමිණි නිවසේ ජනේලයේ ඉටිරෙදි ඉරා නිවසට ඇතුළු වී එම පුද්ගලයාට පිහියෙන් ඇණ තිබෙනවා.

ඉන් අනතුරුව ඇඳ උඩු තිබුණ අත්බෑගය සොරකම් කර ගෙන ගොස් තිබෙන අතර එහි රුපියල් නවදහසක් වටිනා රත්‍රං භාණ්ඩ සහ රුපියල් පන්සියයක මුදල් තිබුණ බවට පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා බලංගොඩ පොලීසියේස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.ඒ.ආර්.පි. අමරතුංග මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පරික්ෂණ පවත්වනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top