භික්ෂූන් වහන්සේලාට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදුකළ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දළදා වහන්සේ ඉදිරිපිට සමාව ගත යුතු බව නව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.
අපේ ජනබල පක්ෂය, නව සිංහලේ ජාතික සංවිධානය ඇතුලූ තවත් සංවිධාන කිහිපයක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර භික්ෂූන් වහන්සේලාට අපහාස වන අන්දමින් රන්ජන් රාමනායක කර ඇති ප්‍රකාශයට ඊයේ දිනයේත් විවිධ පාර්ශව වලින් විරෝධය එල්ල වුණා.
ඔහුගේ ප්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයට සහ මිරිහාන පොලිසියට ද ඊයේ පැමිණිලි තුනක් ඉදිරිපත් කර තිබුණා.