Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
ලංකාවේ ලාබාලතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා වීමට සිහින මවන පුංචි තරුව - මොවිඳු සුභසිංහ
2019 July 15
1,077
Views
ළාබාල වියේදීම ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පැමිණි මොවිඳු සුභසිංහ පුංචි රංගන ශිල්පියෙක්. ලංකාවේ ලාබාලතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා වීමට සිහින දකින ඔහු රටේ ගොසිප් සමඟ පිළිසදරක යෙදුනා . එම සුහද සාකච්ඡාව පහතින්.
මොවිඳු ඔබ තවමත් පාසල් යනවා නේද ?
මම අධ්‍යාපනය ලැබුවේ මරදාන සෙන් ජෝශප් විද්‍යාලයේ. දැනට මම උසස්පෙළ විභාගය පුද්ගලික අංශයෙන් හදාරනවා.
මම විනෝදාංශයක් විදියට පිහිනුම් ක්‍රීඩාව සහ බැට්මින්ටන් කරනවා .
ඔබ රඟපාන්න මේ ක්ෂේත්රයට ආවේ කොහොමද ?
මම සාමාන්‍ය පෙළ විභාගය සදහා ඉගෙන ගනු ලැබුවේ නාට්‍ය සහ රංග කලාව විෂය . මම 8 වසරේ සිට සනත් විමලසිරි සර්ගේ පංති ගියා. එතකොට සනත් සර් කිවුවා 8 වසරේ ඉදල එන්න ඕනේ නැහැ . 10 වසරේ ඉදලා ඉදලා ආවහම ඇති කියලා . ඊට අමතරව මම වෙන කොහෙවත් පංති ගියේ නැහැ .
ඔබ දිගටම රඟපාන්නද බලාපොරොත්තු වෙන්නේ ?
මම රඟපාන එක විනෝදාංශයක් විදියටයි කරගෙන යන්නේ . මගේ බලාපොරොත්තුව තමයි මෝටර් රථ කාර්මික අංශයෙන් ඉදිරියට යන්න.
ඔබ අවුරුදු කිහිපයකට කලින් රංගනයට එකතු වුන කෙනෙක් . ළමා නළුවෙක් නිසා දැන් දිගටම අරාධනා ලැබෙනවා ඇති නේද ?
මට විවිධ නාට්‍ය සදහා ආරාධනා ලැබෙනවා. මම හම්බෙන චරිත අතරින් බොහෝ විට මම කරලා තියෙන්නේ විකට චරිත සහ දුෂ්ට චරිත . කොහොමත් මට ගොඩක් වෙලාවකට හම්බෙන්නේ වෙනස් විදිහේ චරිත.
ඔබට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
මට පාසලේ ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. පාසලේ ගුරුවරු සහ යහළුවෝ මට පාසලේ වැඩ කරන්න උදවු කරනවා.
ඔබ හැම වැඩක්ම සමබරව කරන්නේ කොහොමද ?
මම බාහිර වැඩ කරන්නේ සෙනසුරාදා සහ ඉරිදා . සතියේ වැඩ ලැබෙන දවස්වල පාසල් කාලයෙන් පස්සේ ඒ වැඩ වල නිරත වෙනවා .
කැමරාව ඉදිරිපිටදී ඔබට බයක් දැනිලා නැද්ද ? ඔබට දෙබස් අමතක වෙලා එහෙම ඇති නේද ?
මගෙ පලවෙනි කැමරා අධ්‍යක්ෂක තමයි නිලංග සංජීව . කැමරාව ඉස්ස්සරහ මුලදී මට බයක් තිබුනා . එත් මට දෙබස් වල ප්‍රශ්නයක් තිබුනේ නැහැ . light වලට අවශ්‍ය විදියට ඉන්නේ කොහොමද , කැමරාවට මුහුණ දෙන්නේ කොහොමද කියල මුලදී පුරුදුවෙලා තිබුනේ නැහැ . නමුත් කාලයක් ගියාම මම කැමරාවට හුරු වුනා. මම රඟපානකොට මගේ පලවෙනි කැමරා අධ්‍යක්ෂකවරයා තමයි මගේ පලවෙනි ටෙලි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන කොට හිටපු කාමර අධ්‍යක්ෂකවරයාත්.
ඔබගේ පවුලේ තොරතුරු ගැන ටිකක් කිවුවොත් ?
මගේ අම්මා බැංකු නිලධාරිනියක් . මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් . මට සහෝදර සහෝදරියන් කවුරුත් නැහැ .අපේ ගෙවල් තියෙන්නේ කිරිබත්ගොඩ .
ඔබට රඟපෑම සදහා පවුලේ ලැබුණු සහයෝගය කොහොමද ?
මගේ අම්මගේ තාත්තගේ මල්ලි ( සීයා ) ගේ නම යසරත්න. එයා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. තවමත් එය ඒ කටයුතු වල නිරතව සිටිනවා. එත් සීයා හින්දමත් නෙවෙයි ඒ හින්දමත් නෙවෙයි ඇත්තටම මම රංගනයට පැමිණියේ මම කැමති නිසා සහ මට අම්මගෙන් ලැබුණු සහයෝගයත් නිසා.
මහමඟදී ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
මම පාරේ යනකොට හම්බෙන අයගෙන් මට හොද ප්‍රතිචාර ලැබෙනවා . සමහර වෙලාවට පාරේ යනකොට මගෙන් අහනවා අර නාට්‍යයේ ඉන්නේ ඔයා නේද කියලා . මට ගොඩක් සුබ ප්‍රතිචාර හැමෝගෙන්ම ලැබෙනවා.
ඔබ රංගනයට අමතරව කරන වැඩ මොනවද ?
මගේ බලාපොරොත්තුව ලංකාවේ ලාබාලතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා වීමයි . මම දැනට කතාව සහ පසුබිම හදලා ඉවරයි . නිෂ්පාදකවරයෙක් හමුවන තුරු ඉන්නවා.
සාකච්ඡාව - චමිත් කුලරත්න
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
12,289
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,681
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
4,107
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
5,563
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
5,523
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
5,445
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,705
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
3,225
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,936
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
13,109
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
3,520
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
3,512
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
9,570
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
3,579
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
3,475
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top