Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
1,419
Views

ලොව අංක එකේ ධනවතා ලෙස මේ වන විට ලැයිස්තුගත වී සිටින්නේ ජෙෆ් බෙසෝස් ය. ඔහු ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ අයිතිකරුවා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලෙස ද කටයුතු කරනවා.

ඇමසන් සමාගමේ ප්‍රධානි ජෙෆ් බෙසොස් පසුගිය දා තම විවාහ දිවිය කෙළවර කරනවා. වසර 25ක් පමණ පැවති එම විවාහයෙන් ඔවුන් දෙදෙනා ස්ව කැමැත්තෙන්ම වෙන් වී තිබෙනවා. මෙහිදී දික්කසාදය සඳහා දෙදෙනාම කැමැත්ත පල කරන බව ට්විටර් ඔස්සේ එක්ව ප්‍රකාශ කර තිබෙනවා.

ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් ඔහුගේ බිරිඳ වන මැකෙන්සීගෙන් දික්කසාද වීම සඳහා ඩොලර් බිලියන 35ක් හෙවත් පවුම් බිලියන 27කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිය කැමැත්ත පල තිබෙනවා. දෙදෙනාගේ දික්කසාදය නිවේදනය කරන විට ජෙෆ් බෙසොස්ගේ වයස අවුරුදු 55ක් වන අතර බිරිඳ මැකෙන්සීගේ වයස අවුරුදු 48ක් පමණ වෙනවා.

ඉතින් මෙම සුපිරි ධනවතා පසුගිය දිනක ලොව ප්‍රේක්ෂකයින් වැඩි දෙනකුගේ අවධානය දිනාගත් විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සදහා ගිහින් තිබෙනවා . ඒවගේම මෙම අවසන් මහා තරඟය නැරඹීම සදහා විලියම් කුමරු සහ කේට් කුමරියත් සහභාගී වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ . කෙසේවෙතත් එම මොහොතේදී මෙම සුපිරි ධනවතා විසින් ඔහුගේ අලුත්ම පෙමවතිය වන Lauren Sanchez ට දුන්න සුපිරි හාදුව මේ වනවිට ලෝකයේ වැඩි දෙනකුගේ කතාබහට ලක්ව තිබෙනවා . මේ එම සුන්දර මොහොතේ දී ගනු ලැබූ අපූරු ඡායාරූප කිහිපයකි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top