Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 15
හසලක, 13 ඇළ ප්‍රදේශයේ, උල්පතගම වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී බරපතල තත්වයේ පසුවූ ගිය පාසල් සිසුවෙක් ඊයේ (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දියේ ගිලුණු සිසුවා ගොඩට ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හසලක, උල්පතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15ක සිසුවෙක්.
මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය අද (15) දින මහියංගනය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
Top