Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
429
Views

සමාජ මාධ්‍ය මාර්ගයෙන් තරුණ තරුණියන් හවුල්කර ගනිමින් කරන මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා පුද්ගලයන් ‍දොළොස් දෙනකු අත්අඩංගුවට ගැනීමට මාතර දිසා දූෂණ මර්දන අංශය සහ කොට්ඨාස දූෂණ මර්දන අංශය පෙරේදා (13දා) රාත්‍රි සමත් විය.

මුහුණුපොතේ මැසෙන්ජර් මඟින් දිවයින පුරා තරුණ තරුණියන් සම්බන්ධ කරගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම බෝට්ටුවක් මඟින් මහ මුහුදේදී කරනු ලබන බවට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියන්ත මහතාට ලැබුණු නිර්නාමික තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

එම තොරතුරුවලට අනුව මාතර බස් නැවතුම්පොළේදී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මිරිස්ස වරායෙන් මෙම තරුණ තරුණියන් කණ්ඩායම පිටත් වී මහ මුහුද මැදදී මෙම සාජ්ජය පවත්වන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. පසුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සහ මාතර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එම ස්ථානයේ රහසිගතව කළ වැටලීමකින් පසු තරුණයන් නවදෙනකු සහ තරුණියන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගණේමුල්ල, මාකොළ, අංගොඩ, මාතර සහ වැලිගම යන ප්‍රදේශවල වයස අවුරුදු 24 හා 21 අතර තරුණයන් සහ රත්මලාන, පිළියන්දල සහ වත්තල ප්‍රදේශයේ පදිංචි වයස 26 හා 21 අතර තරුණියන් තිදෙනකු ඇතුළු ‍ෙදාළොස් දෙනෙකි. මොවුන් සතුව හඳුනානොගත් මත්පෙති මිලිග්‍රෑම් 474ක්, විස මත්ද්‍රව්‍ය වන නර්තන මුද්දර 08ක්, එම්.ඩී.එම්. විස මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1170ක්, කේරළ ගංජා මිලිග්‍රෑම් 5500ක්, දේශීය සිගරැට් විශාල ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1490ක් ඔවුන් සන්තකයේ තිබී ඇත. මෙම සාදයට තවත් තරුණ තරුණියන් අසූදෙනකු පමණ සහභාගි වී සිටි අතර ඔවුන් සන්තකයේ මත්ද්‍රව්‍ය නොතිබීම නිසා ඔවුන් මුදාහැර තිබේ. 

ඩී.ජේ. සංගීතයට නටන නාටිකාංගනාවන් පිරිසක්ද මෙම ෆේස්බුක් සාදයට යෑමට සූදානමින් සිටි බව පොලිසිය කියයි. අධි සුඛෝපභෝගී වායුසමීකරණය කරන ලද බෝට්ටුවක මෙම සාදය සංවිධානය කර තිබී ඇත. මෙම සාමාජිකයන්ගෙන් රුපියල් හයදහසේ සිට ‍ෙදාළොස් දහස දක්වා මුදල් අය කර ඇති බවට තොරතුරු අනාවරණය විය. 

ෆේස් බුක් සාදයේ සැකකරුවන් ‍ෙදාළොස්දෙනා මාතර වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් අටදෙනකු රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇපමත මුදාහැර ඇති අතර සෙසු හතරදෙනා මේ මස 19 වැනි දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මාතර දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදිත කුමාර, කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන්වරුන් වන ප්‍රියංකර (55804), උපාලි (26875), සුනිල් (56615) හා පතිරණ (37066) ද කොස්තාපල්වරු වන ක්‍රිශාන්ත (55836), උපාලි (26875), ජානක (66649), දිසානායක (91703) හා පො.කො. රියැදුරු ලියනගේ (88371) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

මාතර - උදය කුමාර

රණවීර,

මාතර - එම්.සී. දුෂාන්ත

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top