Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
961
Views

ඊයේ නිමාවට පත්වූ 2019 ලෝක කුසලානය එංගලන්තයට තම පළමු ලෝක ශුරතා සිහිනය සැබෑ කර දුන්නා.

ඒ විතරක් නෙමෙයි මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟය ලොව බොහෝ දෙනාගේ දැඩි අවධානය දිනාගනු ලැබූ තරඟයක් වුනා.

ඊට හේතුව වුයේ නවසීලන්තය හා එංගලන්තය යන කණ්ඩායම් දෙකම තම කුළුඳුල් ලෝක කුසලානය ලබා ගැනීම සඳහා උරෙනුර තරගයක නිරත වීමයි.

මේ අවස්තාවේදී තරඟයේ අවසාන පන්දු වාරය කෙරෙහි දැඩිඅවධානයක් හිමි වුණා. ඒ අනුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට පන්දු 6 කදී ලකුණු 15ක් ලබා ගැනීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් අවසාන මොහොතේදී බෙන් ස්ටොක් ලකුණු දෙකක් ලබා සිටියදී කඩුල්ල වෙත යොමු කරන ලද පන්දුව ස්ටෝක්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත යාම සමග එංගලන්ත කන්දයමටලකුණු 6ක් හිමි වුණා.

මෙම සිදුවීම ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි කතාබහට ලක් වුණා.

කෙසේ වෙතත් තරඟයෙන් පසු බෙන් ස්ටොක්ස් පවසා ඇත්තේ තමන් නවසීලන්ත නායක කේන් විලියම්සන් ගෙන් ජීවිත කාලය පුරාම සමාව ඉල්ලා සිටින බවයි.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top