Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
606
Views

ක්වාසි උසාවිය හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ක්වාසි උසාවිය මඟින් පිරිමි පාර්ශ්වයට පමණක් සාධාරණය ඉෂ්ට කරන බවත් ඌව පරණගම අක්කර 31 පදිංචි අබ්දුල් ජබ්බාර් ෆසීනා නමැති මුස්ලිම් කාන්තාව පැවැසුවාය.

ඇය මේ බව පවසා සිටියේ ක්වාසි උසාවිය මඟින් මුස්ලිම් කාන්තාවන්ට සිදුවන අසාධාරණය සම්බන්ධව ඌව පරණගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇය වැඩිදුරටත් ඇයට සිදු වූ අසාධාරණය සම්බන්ධව මෙසේ පැවැසුවාය.

මීට අවුරුදු 06කට කලින් මම වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් තරුණයකු සමඟ විවාහ වුණා. එයා වෙනත් කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් තිබ්බා. මේ නිසා මමත් ස්වාමිපුරුෂයත් අතර ගැටුම් ඇතිවෙලා ස්වාමියා මේ සම්බන්ධව ක්වාසි උසාවියට ගියා. ඊට පස්සේ මම බැහැ කියද්දීම එයාගේ අනියම් සම්බන්ධය ක්වාසි උසාවියට කියද්දී ක්වාසි උසාවිය ඒ අනියම් සම්බන්ධය තිබුණු ගෑනු කෙනාම එයාට බන්දලා දුන්නා.

මගේ බඩු මුට්ටු, රත්රන් බඩු ඔක්කොම එයාටම අරන් දුන්නා. මේ ආකාරයෙන් කාන්තාවන් ගොඩක් අසරණ කරලා ඉන්නවා. මට කිසි සහනයක් ලබාදීලා නැහැ. දික්කසාදය දුන්නා මගේ අස්සනක්වත් නැතිව. අනියම් සම්බන්ධය තිබුණ කෙනාම ස්වාමිපුරුෂයාට විවාහ කරලා දුන්නා මටයි දරුවටයි කිසිම සහනයක් ලැබිලා නැහැ. දැනට රුපියල් තුන්දහක් ගෙවනවා. එච්චරයි ලැබිලා තියෙන්නේ. මගේ ස්වාමිපුරුෂයාට ලොකු වත්කමකුත් තියෙද්දී මට තාම මොකුත් නැහැ. මෙහෙම කාන්තාවෝ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මට පොඩි සැකයක් තියෙනවා මේක ෂරියා නීතියද කියලා.

මේ ක්වාසි උසාවිය නිසා මුස්ලිම් කාන්තාවන් පාරක් පාරක් ගානේ අසරණ කරලා තියෙන්නේ. ක්වාසි උසාවියේ මම දික්කසාදයට බැහැ කිව්වම එහෙත් එපා මෙහෙත් එපා කියලා කුලී ගෙදරකට යැව්වා. ඒ ගෙදරට අවශ්‍ය බඩු හා රත්රන් බඩු පවුම් හත හමාරක් මගේ තාත්තාගේ ගෙදරින් තමයි අරන් ගියේ. මේ බඩුටික අපි දුන්නේ ක්වාසි උසාවියේ වැඩ කරන ජමෙයිතුල් උලමා මාර්ගයෙන්. ඒකට සාක්ෂිත් මම ගාව තියෙනවා.

මේ ගිහින් ඉන්නකොට මාසෙකින් මෙයා ආපහු ගිහිල්ලා දික්කසාද නඩු දැම්මා. එයාට මාස පහකින් දික්කසාදය දුන්නා. මාස පහෙන් අර ගෑනු කෙනා බන්දලා දුන්නා. දැඩි පීඩාවට පත්වෙලා ඉන්නේ කාන්තාවෝ. දරුවෝ තුන් හතරදෙනා ඉන්න කාන්තාවෝ අද මහ පාරට දාලා ඉන්නේ මේ ක්වාසි උසාවියෙන්.

මේ සම්බන්ධව පල්ලි කිහිපයකටම මම කිව්වා. කොළඹට කිව්වා. යන්න ඕනි හැම තැනකටම කිව්වා. ඒ උසාවියෙන් කාන්තාවන්ට කිසිම සහනයක් නැහැ. පිරිමි කට්ටියට තමයි ඒ සහන ඔක්කොම ලබා දෙන්නේ. කාන්තාවෝ කියන කිසිම දෙයක් ක්වාසි උසාවිය ගණන් ගන්නේ නැහැ. පිරිමි කට්ටිය බැහැ කිව්වොත් ඉක්මනටම ලියුමක් හදලා දෙනවා ඊළඟ විවාහය කරලා දෙන්න. කාන්තාව කැමැති වුණත් එකයි අකැමැති වුණත් එකයි. එහෙම දෙයක් තමයි එතන වෙන්නේ. දැනට කාන්තාවෝ ගොඩක් දැඩි පීඩනයට ලක් වෙලා ඉන්නවා බදුල්ල ක්වාසි උසාවිය නිසා.

මම ගොඩක් තැන්වලට කිව්වත් මට සහනයක් මේ වෙනකම් වෙලා නැහැ. මම මතා කියලා නඩුවක් දාලා තියෙනවා. මේ මතා කියන එකෙන් කාන්තාවන්ට වන්දියක් නැතිලු. දැන් පිරිමි එක්කෙනා කැමැති වුණොත් රුපියල් පන්දාහක් දෙනවා කියලා. ඒ පන්දහ විතරයි දෙන්නේ වන්දි නඩුවක් කියලා. මගේ අම්මා නැති වුණේ මට වයස අවුරුදු දහයේදී. මගේ තාත්තා තමයි මට වයස අවුරුදු දහයේ ඉඳන් හැදුවේ. ඇත්තටම මුස්ලිම් ආගමේ කාන්තාවන්ට මෙහෙම වෙනවා කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මායි මගේ දරුවයි අසරණ වෙලා ඉන්නේ මේ ක්වාසි උසාවිය නිසා කියලයි මට කියන්න තියෙන්නේ.

ෆසීනාගේ පියා වන අබ්දුල් ජබ්බාර්දීන් මෙසේ පැවැසීය.

මගේ දුව විවාහ වෙලා අවුරුදු දෙකයි හොඳින් හිටියේ. ස්වාමියාගේ අනියම් සම්බන්ධයක් නිසා දුව ගෙදර ආවා. ක්වාසි උසාවිය දක්වා මේක ගියා. ක්වාසි උසාවියෙන් කිව්වේ දුවගෙන් කිසිම දෙයක් අහන්නේ නැතිව ස්වාමියාට දික්කසාදය දෙන්න පුළුවන් කියලා. ඒ විනිසුරුතුමා කිව්වේ මම කියන දේ කාටවත් වෙනස් කරන්න බැහැ කියලා. ඔය ගැන මම කතා කරන්න ගිහින් මම හිරෙත් දැම්මා. මේ ක්වාසි උසාවිය මේ මුස්ලිම් ගෑනු ළමයි ගැන බලන්නේ අර පාරේ ඉන්න බැල්ලියෝ ගානට. ඒ කියන්නේ අද බැල්ලියක් එක හන්දියක පැටවු දාලා යනවා. තව ටික දවසකින් තව හන්දියක පැටවු දාලා යනවා. ඔය විදිහට තමයි මේ මුස්ලිම් ආගමේ. අපි දන්න මුස්ලිම් ආගමේ නම් එහෙම දෙයක් අපි අහලා නැහැ. හිතුමතේ තමයි මේ නීති ගෙනියන්නේ.

මේක රජයේ නීතියකුත් නෙමෙයි. එක නීතියක් රටේ තිබුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම නැත්නම් මගේ දුව අන්තිම අසරණයි. හන්දියක් හන්දියක් ගානේ තමයි ඉන්න වෙන්නේ. මුස්ලිම් ආගමේ නීතියක් තියෙනවා කාන්තාවෝ හත් දෙනෙක් බඳින්න පුළුවන් කියලා. ඒ හත් දෙනාටම එක විදිහට සලකන්න ඕනි එක කාන්තාවකට ගෙයක් තියෙනවා නම් අනෙක් කෙනාටත් තියෙන්න ඕනි. එක කාන්තාවකට වාහනයක් තියෙනවා නම් අනෙක් කෙනාටත් වාහනයක් තියෙන්න ඕනි. ඒ වගේ සමව ගෙනියන්න ඕනි හත් දෙනාම.

මෙයාලා කරන්නේ එහෙම නෙමෙයි. ඉන්න කෙනා එපා නම් දික්කසාද කරලා පාරට දාලා අනෙක් කෙනා විවාහ කරගන්නවා. ඊට පස්සේ එයා පාරට දැම්මා තව කෙනෙක් ගත්තා. එහෙමනම් ඉතින් හතක් නෙමෙයි විසි හතරක් ගන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රම සම්පූර්ණයෙන්ම වැරැදියි. දැන් ඒ ළමයකුට වන්දියක් කියලා එකක්වත් නැහැ. බැන්දා. දික්කසාද කළා. පාරට දැම්මා. ඔයා ඕනි විදිහකට දරුවෝ බෝ කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ. එයා අතේ දරුවෙක් තියාගෙන කොහොමද ජීවත් වෙන්නේ. රැකියාවක් කරන්නේ. මේක මේ මංකොල්ල උසාවියක්.

බොරලන්ද - සමන් නැදුන්ගමුව 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top