Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
598
Views

උපන් හැටියේ බිළිදෙකුගේ මුව වසා ස්වශනය අවහිර කර ඝාතනය කළේ යැයි  සැකපිට එම බිළිදාගේ මව බදුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබු අතර ඇගේ විවාහක සැමියා අවුරුදු 4 කට පෙර  ඇය හැරදා යාම නිසා තනිවම ජීවත්ව ඇත බවත්  ඥාති නිවසකට පැමිණ රාත්‍රිය ගත් කරද්දී  දරුවා ප්‍රසූත කර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය ය වි ඇති බවත් පොලිසිය පවසයි.

නිවැසියන් විසින් කාන්තාව සහ බිළිදා බදුල්ල මහරෝහලට රැගෙන යාමට කටයුතු කලද ඒ වන විටත් බිළිදා මියගොස් තිබු බව පොලිසිය පවසයි.

බදුල්ල  පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත සහ  බදුල්ල මූලස්ථාන පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපත් එරික් රෝහිත, උප පොලිස් පරීක්ෂක මංගල ජයතිලක හා පො.කො.35234  සමන්ත යන නිළධාරිහු විමර්ශන සිදුකළහ.

බදුල්ල සුලක්ෂ පියතිස්ස

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top