රත්නපුර පැල්මඩුල්ල ලෙල්ලෝපිටිය ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් තම පාසලේ වහල හිස මතා කඩා වැටේයැයි බියෙන් යතුරුපැදි හිස්වැසුම් පැළඳ අකුරු කරන ඛේදනීය පුවතක් වාර්තා වනවා. එම පාසලේ දෙවන ශ්‍රේණියේ දරුවන් ඉගනුම ලබන පංති කාමරයේ බාල්කය දැඩි ලෙස දිරාපත් වී වසර ගණනාවක් ගතවී ඇති අතර තවමත් බළධාරීන් විසින් එය පිළිසකර නොකිරීම නිසා දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් සුළං සහිත අවස්ථාවලදී පංතිභාර ගුරුතුමිය විසින් දරුවන් පංතියෙන් එළියට ගෙනවිත් ඔවුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකරන අතර මේ සම්බන්ධයෙන් පාසළේ ගුරුවරයෙකු දැක්වූයේ මෙවැනි අදහසක්.
‘‘අපි දිනපතා උදේ ඇවිල්ලා බලන්න ඕන මේ බාල්ක හොඳ තත්වයේ තියෙනවද, ළණු කැඩිලද, ඇණ ගැළවිලාද කියලා. නැත්තම් මේ ළමයිගෙ ඔළුවට මේක කොයි වෙලාවෙ කඩා වැටෙයිද කියලා කියන්න බැරි තත්වයක් තියෙන්නෙ‘‘
මෙවැනි තත්වයක් යටතේ වුවද ලබන වසර සඳහා ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා අයදුම් පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවා වැස්සෙන් නොතෙමී ආරක්ෂා කර ගැනීමට ගුරුවරුන්ට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා.