Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
405
Views
සෝමාලියාවේ දකුණු දිග වරාය නගරයක හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් සිදු වූ මරණ සංඛ්‍යාව 26දෙනක් දක්වා ඉහළ ගොස් ඇත.
 
 විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් 56 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
 
 සෝමාලියාවේ දකුණුදිග වරාය නගරයක් වන කිස්මායෝහි හෝටලයකට ප්‍රහාරයක් එල්ල වුණි.
 
 විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ අල් ෂබාබ් සංවිධානයේ සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණ ඇති බවයි.
 
 2012 වර්ෂයෙන් පසුව කිස්මායෝ නගරයේ එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙය බව සඳහන්ය.
 
 ත්‍රස්තවාදී සාමාජිකයෙකු බෝම්බ සවි කළ වාහනයකින් පැමිණ හෝටලය ඉදිරිපිටදී එය පුපුරුවා ගෙන ඇත.
 
 ඒ සමඟම සන්නද්ධ සටන්කාමීන් පිරිසක් ගිනි අවි ප්‍රහාරයක්ද එල්ල කර ඇත.
 
 අදාළ අවස්ථාවේ ප්‍රදේශවාසී වැඩිහිටියන් සහ නීති සම්පාදකයින් අතර හමුවක් හෝටලයේ පැවති බව විදෙස් වාර්තාවල සඳහන්ය.
 
 ආරක්ෂක අංශ සාමාජිකයින් කඩිනමින් ඊට ප්‍රතිචාර දැක්වූ නමුත් හෝටලය මුදා ගැනීමට හැකිවුණේ පැය 11ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි.
 
 කෙසේ වෙතත් එම මෙහෙයුම් අතරතුර ප්‍රහාරකයින් සියලූම දෙනා ඝාතනය කෙරුණි.
 
 ප්‍රහාරයෙන් අනතුරුව හෝටලය අසළ නවතා තිබූ දේපළ ඇතුළුව දේපළ රැසකට අලාභ හානි සිදුව ඇති අයුරු දැක්වෙන දර්ශන එරට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශනය කළ අතර ඉන් සිදු වූ ජීවිත හානියද අතිමහත්ය.
 
 කෙන්යා, අමෙරිකානු, බ්‍රිතාන්‍යය සහ ටැන්සානියා ජාතිකයින් ඇතුළුව 26 දෙනෙකු ප්‍රහාරයෙන් මිය ගියේය.
 
 මියගිය පිරිස අතර එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණ සඳහා තරග කිරීමට නියමිතව තිබූ අපේක්ෂකයෙක් ද වෙයි.
 
 එමෙන්ම මාධ්‍යවේදීන් දෙදෙනෙක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ද ප්‍රහාරයෙන් මියගිය බවට වාර්තා පළවුණි.
 
 මේ අතර ප්‍රහාරයෙන් තවත් 56 දෙනෙකු තුවාල ලැබූ අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top