Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
459
Views
හලාවත මුහුදු වෙරළේ මවක සහ දැරියන් තිදෙනකු රැල්ල පාගමින් සිටියදී මුහුදට ගසාගෙන ගොස් වයස අවුරුදු එකයි මාස දෙකක් කුඩා දැරියක් මියගොස් තිබේ. 13 වැනිදා දහවල් මෙම අනතුර සිදුවී ඇත.
 
 මෙසේ මියගොස් ඇත්තේ නුවර දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඕෂධි සෞම්‍ය නමැති දැරියයි.එදින මෙම මව සහ දැරියන් තිදෙනා පවුලේ ඥාතීන් සමග මුන්නේශ්වරම දේවාලය වැඳ පුදා අනතුරුව හලාවත මුහුදේ රැල්ල පෑගීමට ගොස් තිබේ. මව දැරියන් දෙදෙනා සමග රැල්ල පාගමින් සිටියදී දැරියන් තිදෙනා රැල්ලට හසුවී මුහුදට ගසා ගෙන ගොස් තිබේ. අනතුරුව ඇය ඔවුන් බේරා ගැනීමට මුහුදට පැන ඇත. මෙය දුටු අසල සිටි පිරිස් ඔවුන් බේරා ගැනීමට කටයුතු කර ඇති අතර එම පවුලේ බාල දියණිය හලාවත මහා රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.
 
 අනතුරට පත් මව සහ අනිත් දියණියෝ දෙදෙනා හලාවත මහ රෝහලේ ‍ප්‍රාථමික සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. මෙසේ ප්‍රතිකාර ලබන දැරියෝ දෙදෙනා වයස අවුරුදු 8 සහ 12 වියේ පසුවන්නෝ වෙති.
 
 මේ දිනවල පවතින වාරකන් සමය හේතුවෙන් මුහුදු දැඩි ලෙස රළුව පවතියි. එසේම එම ප්‍රදේශයේ දිය නෑම සහ රැල්ල පෑගීම ඉතා අනතුරුදායක බව සඳහන් කරමින් හලාවත නගර සභාව විසින් නාම පුවරු ද සවි කර ඇත.
 
 පිට පළාත්වල සිට පැමිණෙන බොහෝ පිරිස් මෙම තත්ත්වය නොසලකා හලාවත මුහුදු වෙරළට තීරයේ රැල්ල පෑගීමට කටයුතු කරන අයුරු නිරන්තරයෙන් දක්නට ලැබේ. පසුගිය මාස කිහීපයේ මෙසේ රැල්ල පෑගීමට පැමිණි කීපදෙනකු මුහුදේ ගිලී මිය ගොස් ඇති බව සඳහන්ය.
 
 සති අන්තයේ පිට පළාත්වලින් බොහෝ පිරිසක් මෙම වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙන අතර එම පැමිණෙන අයගේ ආරක්ෂාවට ජීවිත ආරක්ෂක භටයින් මෙම ස්ථානයේ රඳවා තැබීමට අදාළ බලධාරීන් කටයුතු කළහොත් මෙවැනි අනතුරු වළක්වා ගැනීමට හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top