Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
310
Views
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14දා) ඇඹිලිපිටියේදී පැවසීය.
 
 මහවැලි විශේෂ බලප්‍රදේශයේ පදිංචි මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ කරුණු හෙළි කළේය. එහිදී තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය. 
 
 ”මරණීය දණ්ඩනය අහෝසි කෙරුවොත් මේ රට ශිෂ්ට සම්පන්න රටක් කරන්න බැහැ. මරණීය දණ්ඩනය අහෝසි කිරීම මේ රටේ අපරාධකාරයන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක්. මරණීය දණ්ඩනය අහෝසි කරපු දවසට අපරාධකාරයෝ රට පාලනය කරන්න හදනවා. මේ රටේ දේශපාලනඥයෝ ඉන්නවා පාතාලයත් එක්ක සම්බන්ධව. හැම ආණ්ඩුවකම, හැම විපක්ෂයකම පාතාලයෝ හිටියා, අදත් ඉන්නවා. අදත් දේශපාලනඥයෝ එක්ක සම්බන්ධකම් තියන අය ඉන්නවා.
 
 අර මහා පාතාල නායකයෝ අපි අද සිරභාරයට අරගෙන තියනවා. පිටරට ඉඳලා අල්ලාගෙන ගෙනාවා. මේවා කවුරුවත් කෙරුවේ නැහැ. මේ ප්‍රශ්නයට කවුරුවත් අතගැහුවේ නැහැ. ලෝකයේ රාජ්‍ය නායකයෝ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට අතගහනවා අඩුයි. එක කාරණයක් තමයි එක්කෝ මරලා දානවා. එහෙම නැත්නම් බලයෙන් පහ කරනවා. 
 
 කවුරු කොහොම කිව්වත් අප්‍රේල් 21 ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සම්බන්ධ වෙලා කරපු වැඩක් කියලා මම කියනවා. මම ගෙනගිය වැඩපිළිවෙළ ආපහු හරවන්න, ඒක ආපස්සට ගන්න, මාව අපකීර්තිමත් කරන්න, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒක කෙරුවේ. අද මේ පිළිබඳව විවිධාකාර සංවාද සාකච්ඡා තිබෙනවා. නමුත් මම මේ සටන නවත්වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව කළයුතු සියලූ දේ කරනවා. මරණීය දණ්ඩනය දිය යුතුයි. මරණීය දණ්ඩනය දුන්නාම විනයගරුක රටක් වෙනවා. බය ඇතිවෙනවා. එකෙන් සමාජය යහපත් වෙනවා.
 
 ලෝකයේ මරණීය දණ්ඩනය නැති රටවල් ඉතාමත්ම අඩුයි. ළඟම තියන ඉන්දියාවෙත් මරණීය දණ්ඩනය තියනවා. ළඟම තියන සිංගපූරුවෙත් මරණීය දණ්ඩනය තියනවා. ප්‍රාන්ත කිහිපයක හැර ඇමෙරිකාවෙත් මරණීය දණ්ඩනය තියනවා.
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top