Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
662
Views
ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය මේ වන විට ලන්ඩනයේ ලෝර්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරඟය ආරම්භයට පෙර පිටියේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහක් මේ වන විට ඇතිව තිබෙනවා.

ඒ බර්නින්හැම් හිදී පැවැති නවසිලන්ත සහ ඕස්ට්‍රේලියා අතර අවසන් පුර්ව තරඟයේ වැරදි විනිසුරු තීරණයක් ලබාදුන් ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන සහ එංගලන්ත ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ජේසන් රෝයි අතර සිදුවන සුහද කතාබහක් සම්බන්ධ වීඩියෝවක්.

අද තරඟය ආරම්භ වීමට පෙර මෙම කතාබහ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ලෝක කුසලාන එක්දින තරඟාවලියට අදාලව එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති අවසන් පුර්ව වටයේ තරඟයේ වැරදි විනිසුරු තීරණයක් සම්බන්ධයෙන් බොහෝ දෙනා මත පළ කළා.

එහිදී පැට් කම්න්ස් විසින් යොමුකළ කෙටි පන්දුවකට රෝයි විසින් හරවා පහරක් එල්ලකිරීමට උත්සහ ගත්තා.

ඒ අවස්ථාවේ රෝයිගේ පිත්ත අසලින් ඇදීගිය පන්දුව ඇලෙක්ස් කෙරී විසින් රැකගත් අතර එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එය දැවී යාමක් බවට ඉල්ලීමක් කළා.

එහිදී කුමාර් ධර්මසේන විනිසුරු විසින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසයි නම් කළේ.

කෙසේ වෙතත් රෝයි විණිසුරු තීරණයට විරුද්ධව පිටියේදී කුමාර් ධර්මසේන සමඟ යම්කිසි සංවාදයක නිරත වුණා.

තරඟයෙන් පසු එය අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවටයි තරග තීරක රංජන් මඩුගල්ල තීරණය කළේ.

ඒ අනුව ජේසන් රෝයිට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top