Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 14
375
Views

ගොඩගම, බොරැල්ල මාර්ගයේ පෝරේ ගුවන් පාලම අසලදී පසුගිය 8 වැනිදා නයිජිරියානු ජාතිකයෙකුට අයත් රුපියල් ලක්‍ෂ 23 ක මුදලක් කොල්ල කෑමේ සිද්දියට සම්බන්ද සැකකරුවන් පස් දෙනෙක් පසුගිය 12 වැනිදා අත්අඩංගුවට ගත් බවත් ඒ අතර මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්ද සිටින බව අතුරුගිරිය පොලීසිය කියයි.

නයිජිරියානු ජාතිකයා විසින් පොලීසියට කල පැමිණිල්ලක් අනුව අතුරුගිරිය පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත . ඒ අනුව පොලීසිය නයිජිරියානු ජාතිකයාගේ ජංගම දුරකථනයේ වාර්තාවක් ලබාගෙන ඇති අතර ඒ ඔස්සේ සිදුකල පරීක්‍ෂණ වලදී සැකකරුවන් සිවු දෙනෙක් පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයෙන් සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත . ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පොලීසිය තව දුරටත් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී එම නයිජිරියානු ජාතිකයා ATM යන්ත්‍ර වලින් කුට උපක්‍රමයක් මගින් වෙනත් ගිණුම් වලින් මුදල් මෙම සැකකරුවන්ගේ ගිණුම් වලට බැර කර එම මුදල් මොවුන් බෙදා ගන්නා බවත් එසේ ලබාගත් ලක්‍ෂ පහක මුදලක් රැගෙන යාමට පැමිණ නැවත යමින් සිටියදී එම පිරිසම මගින් මෙම කොල්ල කෑම සිදු කර ඇති බවත් අනාවරණය වී ඇත.

අතුරුගිරිය පොලීසිය මගින් රහස් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව නයිජිරියානු ජාතිකයාන් දෙදෙනෙක් සමඟ කෙනියානු ජාතික කාන්තාවක් නාවල කොස්වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සිද්දිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ අතුරුගිරිය පොලීසිය මගින් සිදු කරයි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top