Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 14
1,053
Views
වැලිගම - මිරිස්ස මුහුදේ ධීවර යාත්‍රාවක ෆේස්බුක් සාදයකට සැරසුණු, තරුණ තරුණියන් 12 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ පස්වරුවේ මිරිස්ස මුහුදේ ධීවර යාත්‍රාවක මෙම සාදය පැවැත්වීම සඳහා යාමට පැමිණි පිරිසක් පිළිබඳව මාතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්තට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට පත්වූ 12 දෙනා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ඇති අතර, එම පිරිසට තරුණයින් 09 දෙනෙකු සහ තරුණියන් 03 දෙනෙකු ඇතුළත්. 

ඔවුන් ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගනේමුල්ල, මාකොළ, කැළණිමුල්ල, රත්මලාන, හඳගනාව, වත්තල, මාතර සහ වැලිගම පදිංචිකරුවන්. 

වයස අවුරුදු 20 ත්, 26 ත් අතර වයස්වල පසුවන ඔවුන් ළඟ තිබී හෂීස්, අයිස්, කේරළ ගංජා, එම්.ඩී.එම්., මෙන්ම හඳුනා නොගත් මත්පෙති සහ දිවයට තබාගන්නා මත් මුද්දරද හමුවී තිබෙනවා. 

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top