Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 14
465
Views
ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ හෙට පැවැත්වෙන මෙවර අයි.සී.සී. ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ප්‍රවේශ පත්‍ර නිල අන්තර්ජාල වේදිකාව ඔස්සේ සාධාරණ මිලට අලෙවි කරන්නැයි නවසීලන්ත පිලේ ක්‍රීඩක ජේම්ස් නිශාම් ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුන් හෙට පැවැත්වෙන තරගයේ ප්‍රවේශ පත්‍ර විශාල සංඛ්‍යාවක් කලින් මිලදී ගනු ලැබුවා. 

එහෙත් නවසීලන්තය වෙතින් අවසන් පූර්ව තරගයේදී පරාජය ලැබීම නිසා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ නවසීලන්තයයි.

මේ නිසා ඇතැම් ඉන්දීය ක්‍රීඩාලෝලීන් හෙට තරගය සදහා වූ සිය ප්‍රවේශ පත්‍ර ස්ටර්ලින් පවුම් 16,000 දක්වා මුදලකට යළි අලෙවි වන බව වාර්තා වනවා. 

එය රුපියල් තිස් පන් ලක්ෂය ඉක්ම වූ මුදලක්. 

අවසන් පූර්ව තරගයේ ඉන්දියාව පැරදවීමට දායක වූ ජේම්ස් නිශාම් ඉල්ලා සිටියේ ක්‍රීඩාලෝලීන් සියලූදෙනා ධනවතුන් නොවන බැවින් තමන්ට අවශ්‍ය නොවන ප්‍රවේශ පත්‍ර නිල ආකාරයෙන් සාධාරණ මිලකට ලබා දෙන ලෙසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top