Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
2,718
Views
බ්‍රිතාන්‍ය ඡාතික ඩැනියෙල් ( Daniel Rotariu ) ට කැතී ලියොන්ව හමිබුවෙන්නෙ එයා හිටපු ඇනෙක්සියේ අනිත් පැත්තෙ කැල්ලෙ කැතී ලියොන් පදිංචි වෙලා හිටපු නිසයි. ඩැනියෙල් වෘත්තීය පුවත්පත්කලාවෙිදියෙක්. මිනිහගෙ වයස එතකොට අවුරුදු 36 යි. කැතීට ඒ වෙනකොට 50 ක්. නමුත් කැතීට අවුරැදු 50 පෙනුම තිබුණෙම නෑ. මේ කියන්නෙ 2015 දි තත්වය. එයාල හොද පෙමිවතුන් ඒ වෙද්දි. අපි දන්නෙ නෑ කියන්න මොකක්ද හේතුව කියල ඩැනියෙල් තීරණය කරනව තව දුරටත් කැතී ලියොන් එක්ක එයා එකට ඉන්නෙ නෑ කියල. අපි හිතන විදිහට මේක ගෑණිට දරාගන්න බැරිවෙනව. අපේ රටෙි වගේනමි ගෑනු වහ බොනව, කෝචිචියට බෙල්ල තියනව එහෙම වුනාම. තමන්ගෙ පෙමිවතා තමන්ව දාල ගියහම. ඒත් මේ යුරෝපය. කැතී හිටියෙ අප්‍රමාණ වෙිදනාවකින් ඒ වගේම කේන්තියකින්. ගෑනි හිතුව මෙහෙම ‘‘ උඹට මාව එපානමි, උඹට ආදරය කරන්න මම වෙන ගෑණියෙකුට ඉඩ තියන්නෙත් නෑ ! ‘‘ ඩැනියෙල් හිටියෙ එයාගෙම ගේ කෑල්ලෙ අනිත් පැත්තෙනෙ. ඩැනියෙල් හොදට නිදි වෙලාවක් බලල එයා රිංගුව ඩැනියෙල්ගෙ කාමරේට. හැලුව මුලු මූනටම ඇසිඩි ඡොග්ගුවක්. මිනිහ වෙිදනාවෙන් මරලතෝනි දෙනකොට කැතී පැනල දිවිව.

මේ සද්දෙට අහල ළගපාත මිනිස්සු පත්තරකාරයව නොටින්හැමි සිටි රෝහලට ගෙනියනව. ඒ වෙද්දි මොළයට වෙිදනාව දරා ගත නොහැකිව ඩැනියෙල් කොමා තත්වයට පත්වෙනව. දැඩි සත්කාර ඒකකයේ එයා ඉන්නව දවස් 8 ක්. අටවැනි දවසෙ එයාට සිහිය එනකොට මුලු මූනම බැන්ඩෙිඡ් වලින් ඔතලයි තිබුණෙ. එයා දිහා බලාගෙන නෑදෑයො හිටිය ඇඩූ කදුලින්. ඒ එක්කම එයාගෙ සාත්තු සේවිකාවත් හිටිය ඔහුගෙ හිස අතගාමින්.නමුත් එයාට ඒ කිසිවක් පේනනෙ නෑ. ඒ වෙනකොට එයාගෙ ඇස් දෙකම අන්ධයි.
තවත් ටික කාලයක් එයාට ප්‍රතිකාර සදහා මේ රෝහලේම ඉන්න වුනා. ඒ අතරෙ එයාගෙ සාත්තු සේවිකාව ඇනා කටන්ගා (Anna Catanga) මේ මිනිහ අන්ධ වෙලත් කලකිරෙන්නෙ නැතිව ඡිවිතේට මුහුණ දෙන හැටි දැකල පුදුම වුනා. ඇනා ඩැනියෙල්ට සාත්තු කරන්න එන හැම සැරේකම ඇනාට විහිලුකරල ඇනාව සතුටෙන් තියන්න මේ අන්ධය බොහෝ උත්සාහ ගත්ත. හැබැයි ඇනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නෙවෙයි. එයා රුමේනියන්.
අන්තිමේදී ඇනා තීරණය කරනව මේ අන්ධයට ආදරය කරන්න. ඇනා ඩැනියෙල්ට ආදරය කලා විතරක් නෙවෙයි. ඩැනියෙල් වෙනුවෙන් තමන්ගෙ හෙද වෘත්තිය අතෑරිය. ඒ එක්කම එයා විදේශ ගමන් බලපත්‍ර හැදුව ඩැනියෙල්ව රුමේනියාවට එක්ක යන්න. ඊට කලින් දෙන්න නොටින්හැමි පල්ලියේදී විවාහ වුනා . ඇනා හරි ලස්සනට ඇදල හිටිය එදා විවාහය දවසෙ. ඒත් ඒ ලස්සන ඩැනියෙල්ට පෙනුනෙ නෑ මොකෝ එයා අන්ධයිනෙ. දැන් දෙන්නම රුමේනියාවට යන්නයි ලෑස්තිය ඡිවිතයේ ඉතිරි ටික ගෙවා දාන්න.
‍මේ වෙනකොට ඩැනියෙල්ට ඇසිඩි ගහපු එයාගෙ පරණ පෙමිවතිය අවුරැදු 17 ක සිර දඩුවමක් විදිනව පවුමි 19,000 දඩයකුත් එක්ක.

සටහන උපාලි ජයසිංහ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top