Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
783
Views
පසුගිය අප්‍රේල් මාසයේ සුඩාන ජනපති ඕමාර් අල් බෂීර් බලයෙන් නෙරපා දමනු ලැබුවා. ඒ අවුරුදු 30ක් පුරා ඔහු පාලන බලය පවත්වාගෙන යන්නට උපයෝගී කරගත් එරට හමුදා ප්‍රධානින් විසින්. එතැන් සිට එරට පාලනය මෙහෙයවන්නේ මිලිටරි ජුන්ටාවක් විසින්. 

ඕමාර් බලයෙන් පහ කිරීමෙන් පසුව එම සතුට සමරන අතරම සිවිල් නීති සහ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් සාමකාමී පෙළපාලි පවත්වනු ලැබුවා. ඇතැම් අවස්ථා වල හමුදා භටයන්ද සාමාන්‍ය ජනයා සමග එක්ව කටයුතු කරන ආකාරය දැක ගන්නට ලැබුනා. 

මේ අතරවාරයේ පෙර පැවති ඒකාධිපති පාලනය පවත්වාගෙන යාමේදී මර්දන කටයුතු සඳහා යොදාගත් නිල නොවන හමුදා කණ්ඩයක් ජුනි 3 දා පාන්දර සුදාන අගනුවරට ඇතුල් වුනා. මෙම හමුදා විසින් සිවිල් ජනතාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බව ජනතාව වෙත පණිවිඩ ලැබී තිබෙනවා. 

ජුනි 3 දා උදැසන 5ට පමණ පොලීසිය සහ හමුදා ඛණ්ඩ එක්ව නිරායුධ විරෝධතාකරුවන් වෙත පහර දීම ආරම්භ කළා. ඒ වන විට අදාල පහර දීම අඩුම තරමින් විරෝධතාකරුවන් තිදෙනකුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීම ආරම්භ කර තිබුනා. 

හමුදා ඛණ්ඩ සහ පොලිස් නිලධාරීන් ඉතා අමානුෂික ආකාරයෙන් සිවිල් ජනතාව වෙත පහර දෙන ආකාරය එම වීඩියෝ දර්ශන වල සටහන් වී තිබුනා. තුවාල ලැබුවන්ට ප්‍රතිකාර දීමට පැමිණි වෛද්‍ය කණ්ඩායම් වලට පවා ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කොට තිබෙන ආකාරය එම වීඩියෝ පට වල සටහන් වී තිබුනා. 

කෙසේ වෙතත් එරට Rapid Support Forces (RSF) හි ප්‍රධානී 'හෙමිටි' විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම ප්‍රහාරය දියත් කරනු ලැබුවේ RSF නමින් තමන්ව හඳුන්වා ගත් වෙනත් පාර්ශවයක් විසින් බවයි. නිල RSF හමුදා ඛණ්ඩය මේ සිදුවීමට කිසිසේත් සම්බන්ධ නොමැති බව ඔහු පවසා තිබුනා. 

නමුත් BBC සේවය වාර්තා කරන ආකාරයට එම ප්‍රහාරයට සම්බන්ධ RSF හමුදා නිලධාරීන් දෙදෙනෙක් තමන් එම ප්‍රහාරයට සම්බන්ද වූ බව BBC සේවය වෙත තහවුරු කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top