Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
1,457
Views

මෝරුන් කියලා කියන්නේ මත්ස්‍ය ලෝකේ ඉන්න ටිකක් භයානක සතෙක් විදිහට තමයි ගොඩක් අය හඳුනාගෙන ඉන්නේ. හැබැයි අද මේ කියන්න යන්නේ මෝරුන් ගැන නිතර අහන්න දකින්න ලැබෙන්නේ නැති විදිහේ ටිකක් දුර්ලබ කතාවක්. 

ඉතිහාසයේ පළමුවැනි වතාවට ආදරයෙන් වෙළී ඉන්න සුදු මෝරුන් යුගලක් ඩ්‍රෝන් කැමරාවක සටහන් වෙලා තිබුණු අපූරු කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා.  

අත්ලාන්තික් සාගරයේ මෙම සුදු මෝරුන් පිළිබඳව ගවේෂණයේ යෙදෙන පරීක්ෂකයන් පිරිසක් තම පරීක්ෂණ අතරතුරදී අහඹු ලෙස කැමරා කාචයේ රැඳුනු මෙම අපූරු සිදුවීම පසුගිය දිනක ට්විටර් හරහා අන්තර්ජාලය වෙත මුදාහැරීමත් සමග බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමුවී තිබෙනවා.   

මෙම මෝරුන් දෙදෙනාගේ මෙම හමුවීම ප්‍රේමනීය අවස්ථාවක්ද, එකිනෙකාට පහර දී ගැනීමක්ද යන්න තවමත් අපැහැදිලි වුවත් මෝරුන් මේ විදිහට මාර්ග තරණය කරනකොට එකිනෙකාට පහර දීම සාමාන්‍ය දෙයක් නොවන බවයි විශේෂඥවරුන් පවසන්නේ.  

මෙලෙස අන්තර්ජාලය හරහා ප්‍රචලිත වූ වීඩියෝව තුල එක මෝරෙකු තනිව පිහිනගෙන එන අයුරු දක්නට ලැබෙන අතර අනෙකා තනිවම පැමිණ කෙමෙන් කෙමෙන් පළමු මෝරා වෙත එන අයුරක් දක්නට ලැබෙනවා.

පර්යේෂකයන්ට අනුව, සුදු මෝරුන් දෙදෙනෙකු චැතම් වෙරළට ඔබ්බෙන් අන්තර්ක්‍රියා කරන පළමු අවස්ථාව මෙයයි.

අත්ලාන්තික් වයිට් ෂාක් සංරක්ෂණාගාරය ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ, “අපගේ දේශීය මෝර විද්‍යා කණ්ඩායම අන්තර්ක්‍රියාකාරිත්වය පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා බලාපොරොත්තු වනවා" ලෙසයි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top