පසුගියදා නව සංවර්ධන යෝජනා ක්‍රමයක් පිළිබඳ රැස්වීමකට සහභාගි වෙමින් සිටි නිලධාරියකු ප්‍රසිද්ධියේම පලවාහැරීමට යුක්රේන ජනාධිපති වොලැඩිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන ඇත. යාරොස්ලාව් හොඩුනොක් නමැති මෙම නිලධාරියා විවිධ අපරාධ සහ දූෂණ පිළිබඳ චෝදනා ලැබූවෙකි.
“වහා මෙතැනින් පිටවනු තක්කඩියා! මොකද බලාගෙන ඉන්නෙ? ඇහෙන්නැද්ද මා කියන දේ?”
මේ අවස්ථාවේ අනෙක් නිලධාරීන් අත්පොළසන් නැඟූ බව වාර්තා විය. ඔහුට එරෙහිව ඇති දූෂණ චෝදනා සාවද්‍ය බව පුවත්පතකට පැවැසූ අදාළ නිලධාරියා, ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගයට පිවිසෙන බව පවසා ඇත. පසුගිය අප්‍රේල් මාසයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ සෙලෙන්ස්කි දූෂණය මුලිනුපුටා දමන බවට වූ පොරොන්දුව ඉටු කිරීමට මේ දිනවල දැඩි උදේයා්ගයෙන් කටයුතු කරමින් සිටී. ලබන 21දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් ඔහුගේ ‘මහජන සේවක’ පක්ෂයට විශාල ජනවරමක් ලැබෙතැයි විශ්වාස කෙරේ.