Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
962
Views
ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක වන ටීනා ෂනෙල් පසුගියදා ඇගේ අතීතය සිහිපත් කළා.

මුලින්ම කියන්න බලන්න අක්කාගේ School එක මොකද්ද කියලා
ඉස්කොලේ මගේ Good Shepherd Convent කොටහේන.

පලවෙනි දවසේ ඉස්කොලේ කාත් එක්ක ගියේ කියලා මතකද?
පාසල් ගියේ නම් මගේ අක්කලා දෙන්නත් එක්ක.මොකද මම එතකොට පොඩිනේ.එතකොට මම Hostal එකේ තමා හිටියේ.ඉතිං අක්කලා දෙන්නා තමා මාව මුලින්ම පංතියට එක්කන් ගියේ මොකද මම පොඩ්ඩක් බයවෙලා ඉන්න නිසා. ඒ දෙන්නා කමා මාව එක්කගෙන ගියේ පළවෙනි දවසේ.

පළවෙනි දවසේ ඔයා ඇඬුවද?
නැහැ මෙහෙමයි මට මගේ අක්කිලා දෙන්නා ඉන්න නිසා එක එච්චර ලොකුවට දුකක් වගේ දැනුනේ නැ.හරි අසාවෙන් මට මතකයි මට ඉස්සර ලස්සන බෑග් එකක් තිබ්බා පොඩි කැරපොත්තෝ වගේ පොඩි පෙට්ටි රවුම් හැඩේ බෑග් එකක් එල්ලන් අසාවෙන් ඉස්කොලේ ගියා. මොකද බෑග් එක පෙන්නන්න.එක හරි අමුතු බිත්තර හැඩේකට තියෙන බෑග් එකක්.ඒක අරන් ඉතිං අසාවෙන් ගියා ඉස්කොලේ.

School එකේ Games එහෙම කරලා තියෙනවාද?
ඔව්. Sports නම් ඇත්තටම කරලා තියෙනවා. ගොඩක් Sports කරලා තියෙනවා. Baskertball කරලා තියෙනවා එතකොට ජිම්නාස්ටික කරලා තියෙනවා, Netball කරලා තියෙනවා, Athletic කරලා තියෙනවා.ඔක්කොම වගේ පුළුවන්තරමක් කරලා තියෙනවා.

1-5 වසර කාලේ තුළදී යාළුවෝ එක්ක කරපු අමතක නොවන මොනහරි Memories තියෙනවාද?

අමතක නොවන කියන්නේ පොඩි චන්ඩි චරිතයක් ඉතිං.පොඩි කලේ සිසෝ පදින ඔංචිලි පදින ඒවානේ තියෙන්නේ ඉතිං..ටාක් ගාලා යාළුවෙක්ව දාලා හයියෙන් තල්ලු කරනවා හේන උඩට යන්න.සමහර අස්ථ තියෙනවා ළමයි වැටෙන අවස්ථාත් තියෙන. ඉස්කොලේ චන්ඩි චරිතයක් ඉතිං.. හැබැයි මම 5 වසරේ Prefect කෙනෙකුත් වුනා. Sports වලින් Game Prefect වෙලා තියෙනවා මගේ House එකේ.මට එ දවස්වල Primary එකේ හිටපු Sister හරි ආදරෙයි.මට මතකයි ඉස්සර මට හොරෙන් එහෙම මට බිත්තර එහෙම ගෙනල්ලා දෙනවා කන්න කියලා ශක්තිය එන්න කියලා මම Hostal එකේනේ ඉන්නේ.ඉතිං එයා මට වෙනම Principle Room එකට අඬගහලා නෙම දෙනවා ඉතිං පොඩි බිත්තරක් කන්න කියලා.

එතකොට පොඩි කාලේ දඟ චරිතයක් නේද?
ඔව් දඟයි..

කවදාහරි වැරැද්දක් කරලා Principle ළඟට ගිහින් තියෙනවද?

ඔව් අම්බෝ අනන්තවත් ගිහින් ඇති Principle ළඟට නම්. Primary එකේ Sister හරි ආදරෙයි. Up To School එකෙත් Sister මට ආදරෙයි But එයා පෙන්නන්නේ නෑ.හරි වසයි ඉතිං. Sister ටිකක් කොටයි පෙන්නේ නෑ වෙනම දැන් අපි යනකොට ඉස්සර අපේ ඉස්කොලේ Low West අදින්න බැහැ. මගේ Uniform එකේ තියෙන්නේ ඉන සැහෙන්න ඉන පල්ලේහට. ළමයි එහෙම වැඩිය මුකුත් කියන්න එන්නෙත් නැ පොලිම් පැනලා ඉක්මනට පංතියට යනවා. වැඩිපුර මට මුකුත් කියන්න එන්නේ නැ මොකද මං ටිකක් බැනගෙන බැනගෙන යන නිසා..Sister හැබැයි Note කරන් ඉන්නේ මම Shep එකේ උඩට කරලා කට්ටක් ගහගෙන තමයි යන්නේ. මොකද දවසක් දෙකක් Sisterට Note වෙලා Sister මම යනකොටම හිටගෙන හිටියා මම දැක්කේ නැ Sister කොට නිසා. කොහොමහරි යනකොට අඩගහලා Sisterගේ Office Room එකට එක්කන් ගියා. Uniform ඔක්කොම ටික ගෙනත් දෙන්න කිව්වා බාර දෙන්න කිව්වා.අලුතින් Uniform එකක් මහන්න කිව්වා Low west දන්නේ නැතුව. කොහොමහරි මම uniform තුනක් විතර ගෙනත් දුන්න මඩ එහෙම ගැවිලා තියන.ආයේ ඉතිං ආයෙමත් මහන්නෙත් Low west දාලාම තමා sister ට කියලා කියලා ඇතිවෙන්න ඇති මේ ළමයා අහන පාටක් කම් නැ කියලා.

O/L කාලේ ගැන කතා කරොත් ඔයා ආසම විෂය මොකද්ද?
Dancing

එතකොට O/L Result එක මතකද?
අම්බෝ result අහන්න එපා result මතක නැ..ඔය එකකවත් මතක නෑ..

එතකොට O/L කාලේ තියෙන අකමැතිම Subject එක?
අම්මෝ..ගණන්.පෙන්නන්න බැ

School එකේ Periods එහෙම cut කරලා තියෙනවද?

ඔව් අනන්තවත් cut කරලා ඇති. මම ආස නැති period තිබ්බොත් එදාට මට ඔළුව රිදෙනවා.බඩේ අමාරුව ප්‍රශ්න වැලයි. science period එක එහෙම මාර නිදිමතයි. interval එකෙන් පස්සේ period තියෙනවනේ එතකොට හරි කම්මැලි නිදිමතක් එනවා.මම මොකද්ද කරන්නේ ඉතිං ඔළුව කැක්කුමක් හරි මොකක්හරි බොරුවක් කියලා ඔළුව තියාගෙන නිදාගෙන තමයි ඉන්නේ..miss ලඟට එනවා ඉතිං මොකද්ද අවුලක්ද කියලා අහනවා miss ඔළුව අමාරුයි මොකක්හරි එකක් කියලා හැමදාම shep වෙනවා. මම කරන්නේ සමහර වෙලාවට පොත දෙනවා පොත ගෙනාපු නැති ළමයෙක් ඉන්නවානම් එතකොට shep නේ. එයා ලියලා දෙනවා සමහර වෙලාවට.

ඒ දවස්වල පාසල් ප්‍රේමයක් එහෙම තිබුනද?
අ.. පාසල් ප්‍රේමයක් තිබුනා.

කොහෙද tution class ගියේ?
මම..OKI එකටද කෙහේද

පාසලේදී ඔයාට යළුවෝ කියපු Nickname එක මතකද?
පාසලේදී එහෙම Nickname එකක් මට එහෙම තිබුනේ නැ. හැබැයි මට මගේ පාසලේ අල්ලපු පිරිමි පාසලේ අය නම් නමක් දාලා තිබ්බා බූට් ටීනා කියලා.ඒකට හේතුව මම බූට් තියනවා කොල්ලන්ට ඒක නිසා එයාලා මට නම බූට් ටිනා කියලා දාලා තිබුනා.

එතකොට class එහෙම cut කරලා තියෙනවද?
class නම් cut කරලා නැ මොකද class යනකොට පොඩ්ඩක් කොල්ලෝ එනවා.හරි අසාවෙන් ඇඳගෙන කරගෙන පොත් ටික අරගෙන යනවා..කියව කියව ජෝලියක් දාන්න පුළුවන් කියලා දන්න හින්දා සර් එන්න කලින් ගිහින් ඉන්නවා..

අම්මාටද වැඩියෙන්ම බය තාත්තාටද?
මෙහෙමයි තාත්ති නම් මම පොඩි කලේ ඉඳලා..ඒක නිසා තාත්ති හිටියා නම් සමහරවිට බයවෙන්න තිබුනා...තාත්තලා සමන්‍යෙයන් වසයිනේ..අම්මටා බය කියලා නැ අපේ අම්මා හරි Friendly ඕන එකක් කියන්න පුළුවන් ඒක නිසා එහෙම බයක් කියලා නැ ඉතිං..

O/L කාලේදී යළුවොත් එක්ක ගොඩක් අමතක නොවන සිදුවීම් තියෙනවානේ.. එවායින් අමතක නොවනම සිදුවීමක් මතක් කරොත්?
ගොඩක් තියෙනවා ඉතිං..මෙහෙමයි අපේ සෙට් එකේ පොඩ්ඩක් චන්ඩි සෙට් එකක් හිටියේ..හරි බයයි නංගිලා එහෙම..මම යනකොට එහෙම ටොකු අනිනවා පොඩි පොඩි හිරිහැර එහෙම කරනවා පොඩි නංගිලාට. හැබැයි සමහර වෙලාවට ලස්සන අයියලා එහෙම ඉන්න නංගිලා ඉන්නවනම් බටර් ගලා කොහොමද නංගියා අයියා අද ඉස්කොලේ ගියාද කියලා පොඩි ටොෆියක් දීලා චොක්ලට් එකක් දීලා කතා කරන අවස්ථා තියෙනවා. ඉස්කොලේ යන කාලේ ඉතිං පිස්සු charactor එකක්. යාළුවන්ගේ ඒවට උනත් ඕන එකකට උදව්කරන කෙනෙක්. O/L කරන කාලේ ඉතිං Boys ලත් එක්ක ඇර ගන්න ඒවා නම් තියෙනවා ඉතිං.

A/L වලට මොනවද ඔයා කරේ?
A/L මම කරේ නැ..O/L විතරයි මම කරේ. මම පාසලෙන් ඊටපස්සේ අයින් උනා.ඊටපස්සේ තමයි මම filed එකට ආවේ.

ගෙදරින් ඉගෙනිම පැත්තටම බලපෑමක් කරාද?
නෑ එහෙම ගෙදරින් නම් බලපෑමක් වුනේ නැහැ. මෙහෙමයි දැන් කෙහොමහරි මගේ ඉස්කොලේ කාටත් වඩා මම යම් තැනක ඉන්නවා..මම වුනත් ඉස්කොලේ යනකොට ටීචර් අහනවා කවුරු වෙන්නද කැමති කට්ටිය කියනවා doctor, lowyer දැන් මට හිතාගන්න බැ අනේ.. මම මොකෙක් වෙයිද ඉගෙන ගන්නත් ලොකු අසාවක් නෑ.උනන්දුම නෑ හැබැයි dancing,sports ඒවට ආසයි..PT Period එකට එහෙම මාර ආසයි.. කියන්න කලින් දුවගෙන යනවා..ඉතිං උනන්දුවක් නැතිකමත් නෙමේ මම ඉස්සර Hostal වල හිටපු නිසා අම්මලා ළඟ ඉඳගෙන අපිව teach කරන්න හම්බ වුනේ නැ.දැන් ඉතිං කොච්චර doctors ලා lowyers ලා උනත් දැන් අපේ ඔකොමලා බැඳලා.ළමයිනුත් ඉන්නවා..මම ඔය හැම කට්ටියටම වඩා අද හොඳ තැනක ඉන්නවා.

අපේ Back To School Programme එක ගැන මොකද හිතන්නේ?
ඇත්තටම හොඳයි. මොකද ඉස්කොලේ ගැන කතාකරන්න මට මතකත් නැ ගොඩක් දේවල්.. ඉතිං ආයිත් ඒ දේවල් ගැන මතක් කරගෙන ඉස්කොලේ කාලේ ගැන කතා කරා.ඉස්කොලේ කාලේ කියන්නේ හැමෝගෙම සුන්දර කාලයක්..ඉතිං මම හිතනවා හොඳ Programme එකක්. සමහර අය දන්නේ නැ මගේ ඉස්කොලේ මොකද්ද මොනවද මම කරේ කියලා.මම හිතනවා දැන් විස්තර ඔක්කොම දැනගත්තා කියලා.

මේ දවස්වල විස්තර කියන්න
මේ දවස්වල නම් මගේ අලුත්ම චිත්‍රපටය දාලා තියෙනවා Film Hall වල ගෝරි සහ චිත්‍රපටි දෙක තුනකට අරාධනා ලැබිලා තියෙනවා.තාම හරියට Conform වෙලා නැ.මගේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන ඉන්නවා. Telegrama එකකටත් අරාධනා ලැබිලා තියෙනවා. තාම හරියට සකච්ඣා මට්ටමින් තමා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට.

කථාබහ - ජනනි තරුෂිකා

උපුටාගැනිමකි .

Image may contain: 1 person

Image may contain: 1 person

Image may contain: 1 person, outdoor


Image may contain: 1 person, standing, ocean and outdoor

Image may contain: 1 person, standing and outdoor



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top