Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
429
Views
පාස්‌කු සිද්ධියේ උණුසුම මැකී යැමටත් පෙර මුහුණු පොතේ ජනතාව ප්‍රකෝප කරවන පුවතක්‌ පළකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් මංජුල රත්නායක මහතා නියම කළේය.
 
 හලාවත නගරයේ ව්‍යාපාරිකයෙකු වන අබ්දුල් හමීඩ් මොහමඩ් හස්‌මර් යන අය සැකකරු වෙයි.
 
 සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා දින 52 ක කාලයක්‌ මේ වන විට සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් බරපතල වරදක්‌ ඔහුගෙන් සිදුවී නැති බව කීය.
 
 සැකකරු මෙම වරද කර ඇත්තේ කුමන වරදක්‌ යටතේද යන්න පොලිසිය සාක්‍ෂි සහිතව ඉදිරිපත් කර නැති බව පෙන්වා දුන්නේය.
 
 මෙහිදී හලාවත පොලිසිය අධිකරණයට කරුණු දක්‌වමින් පොලිස්‌ නීති කොට්‌ඨාසය මගින් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන බව කීය.
 
 හලාවත පදිංචි මාලක යන අය මුහුණු පොතේ ඡායාරූපයක්‌ ද සමග සිංහල පාරිභෝගිකයා සතුව ඇති බලය දැන්වත් ව්‍යාපාරිකයා වටහාගත යුතුව ඇතැයි සඳහන් කර ඔහුගේ මිතුරන් අතරේ මුහුණ පොත හරහා බෙදාහැරීමක්‌ කර ඇත.
 
 එයට පිළිතුරක්‌ ලෙසට මැයි 21 දින ඉංග්‍රීසි බසින් දෙවියන් අපට උදව්වෙයි වැඩිය හිනාවෙන්න එපා, එක දවසක අඬන්න වේවි. යනුවෙන් සැකකරු මුහුණු පොතේ පළකර ඇත. මෙම සිද්ධිය මුහුණුපොතින් දුටු පිරිසක්‌ හලාවත කලබල ඇතිs කිරීමෙන් ගැටුම් ඇතිවිය. පොලිසියට ඇඳිරි නීතිය පැනවීමටද සිදුවිය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top