Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
218
Views
මහනුවර-යාපනය A 9 මාර්ගයේ සිදුවූ ටිපර් රථ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල්ගතකර ඇත්තේ ටිපර් රථයේ රියදුරු බවටයි වාර්තා වන්නේ.

අලවතුගොඩ 7 කනුව ප්‍රදෙශයේදී මාර්ගයෙන් ඉවතට පැන ටිපර් රථය ප්‍රපාතයකට පෙරළී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් විදුලි කණුවකට සහ ටිපර් රථයට හානි සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ රියදුරු අකුරණ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

අලවතුගොඩ පොලිසිය අනතුර සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top