Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
393
Views
පදලංගල දෙස සිට සූරියවැව දෙසට ධාවනය වූ යතුරු පැදියක් සූරියවැව ඩී 10 හන්දිය අසලදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පෙරේදා (10) දහවල් සිදු වු අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදිම මියගොස් ඇතැයි සුරියවැව පොලීසිය පවසනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව ලිපිනයේ පදිංචි පේදුරු ආරච්චිගේ සිරිදු නීල් රණවීර නැමති 24 හැවිරිදි තරුණයෙක්.

පස් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථයක් සුරියවැව දෙස සිට පදලංගල දෙසට නියමිත දිසාවෙන් ධාවනය කර ඇති අතර ඉදිරියෙන් අධික වේගයෙන් පැමිණ ඇති යතුරු පැදිය පැදිකරුට එය පාලනය කරගත නොහැකිව එකවරම ටිපර් රථයේ ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් යතුරු පැදියේ ඉදිරිපස රෝදය කැඩි වෙන් වි ගොස් තිබුණු අතර පැදිකරුගේ මුහුණට බරපල ලෙස හානි සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු හා ටිපර් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටිපර් රථයේ රියදුරු ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රියධාවනය මෙම අනතුරට හේතුව වි ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top