Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
744
Views
ගෙවත්තක තිබූ නිධානයක් ලබා ගැනීමට අකමැති වූයේ යැයි චෝදනා කරමින් මාතලේ විල්ගමුව  පුස්සැල්ලායාය ගැඹුරුඔය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඝාතනයකොට කැලෑවක විසිකර දමා තිබියදී 10 දින පෙරවරුවේ සොයා ගත් බව විල්ගමුව පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ  මතලේ විල්ගමුව පුස්සැල්ලයාය ගැඹුරු ඔය ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර සුදු මැණිකේ (62) සිව්දරු  මවකි. මෙම කාන්තාව පසුගිය 04 වනදා සිට ආගිය අතක් නොමැති බව නිවැසියන් විසින් විල්ගමුව පොලීසියට පැමිණිලි ඉදිරිපත් කොට තිබිණි.

එමෙන්ම නිධානයක්  ලබා ගැනීම සඳහා කණ්ඩායමක් නිතර නිතර නිවෙසට පැමිණෙන බවත් ඊට අකමැති වීම නිසා ඔවුන් සමඟ අමනාපයක් පැවැති බවද නිවැසියන් විසින් පොලිසියට ප්‍රකාශ කොට තිබිණි.

විල්ගමුව  පොලිසියේ ස්ථානාධිපති පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක  ප්‍රදීප් නිශාන්ත මහතා මේ පිළිබඳව සියුම් ලෙස පරීක්ෂණයක් ආරම්භ කොට තිබිණි ඒ අනුව මියගිය කාන්තාව පාවිච්චි කරන ලද ජංගම දුරකතන දෙකකින් එක් ජංගම දුරකථනයක් ක්‍රියාත්මක වීම පිළිබඳව පොලිසියේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ඉතා සූක්ෂම ලෙස ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබාගෙන මෙම ජංගම දුරකථනය භාවිතා කරන පුද්ගලයෙකු 09 වන දින කමූණ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ තවත් පුද්ගලයන් පස්දෙනෙකු සමඟ එක්ව වෑන් රථයකින් මෙම කාන්තාව  පැහැරගෙන ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ රඹුක්ඔළුව නැමැති පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ගෙල මිරිකා මරා  වන අලින් ගමන් කරන මාර්ගයක දමා තිබෙන බව හෙලිවී තිබේග ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් මළ සිරුර සොයා ගත බව පොලිසිය කියයි.

දැඩි ලෙස නරක් වී තිබූ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලට එවා තිබිණිගමරණ පරීක්ෂණය 11 දින දඹුල්ල රෝහලේදී පැවැත්විණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලීසිය කියයි. ඔහු විල්ගමුව  කුඹුකන්දන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් ඔහු සමග පැමිණි අනෙක් පිරිස සහ වෑන් රථය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි විල්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් නිශාන්ත මහතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන්  වීල්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් නිශාන්ත  උප පොලිස් පරීක්ෂක වෙලගෙදර පොලිස් සැරයන් 39 26 ජයශාන්තල පොලිස් කොස්තාපල් 35 812 ගුණරත්න ,40 44 2 සිසිර .68 752 සුබසිංහ ලයන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මොරගහකන්ද සංදීප ආරියදාස

මව්බිම
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top