Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
1,113
Views

යාපනය නගරයේ තරුණයෙකු අමෙරිකාවේ  පැනමා ඇල ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදී ඇලක මඩේ එරීම නිසා ඔහු 10 දා සවස එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

යාපනයේ කස්තුරි පාරේ පදිංචි වයස අවුරුදු තිස් හතරක පී.සුදර්ශන් නැමති මෙම තරුණයා අමෙරිකාවට ගොස් ඇත්තේ මීට දින කීපයකට ඉහතදීයි.

එහි සිටි අතරවාරයේ විනෝදයට පැනමා ඇල ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී ඔහු මඩේ එරුණු බවත් ගොඩ ගැනීමට නොහැකි වූ බවත් ඔහු සමග ගිය අනෙක් තරුණයා ප්‍රකාශ කොට තිබෙනවා.

මියගිය තරුණයාගේ මළ සිරුර පොලීසිය විසින් පැනමාවේ රෝහලක් වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රසාදි චතුරංගි ගමගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top