Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 11
තියඩෝරා අධිරාජිණිය කියන්නේ ගණිකාවක් විදිහට ජීවිතය ආරම්භ කරලා රටක් පාලනයක් කරන්න සමත් වුණු කාන්තාවක් විදිහට සාධක හම්බවෙන කීපදෙනාගෙන් ප්‍රබලම චරිතය යි .
ඇය ජීවත් වීමට ක්‍රමයක් නොමැති වීම නිසා කොන්ස්තන්තිනෝපලයේ ගණිකා නිවසකට යනවා. ඇයගේ රූපය නිසා විශාල ගනුදෙනුකරුවන් ජාලයක් හැදෙනවා. අවසානයේදී ඇය කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයා බවට පත්වෙන පළමුවැනි ජස්ටින් අධිරාජ්‍යයාගේ බිරිඳ බවට පත් වෙනවා.
වරක් නගරයේ ඇති වුණු කැරැල්ලකදි අධිරාජ්‍යයා පලා යන්න උත්සාහ කළත් ඇය මැදිහත්වෙලා නැවතත් සටන් කළ යුතු බව කියනවා. මේ නිසා කැරැල්ල පරාජයට පත්වීමත් එක්ක නගරයේම ගෞරවය ඇයට ලැබෙනවා. ඇය විවිධ ආගමික නායකයන්ට සහ කලාකරුවන්ට අනුග්‍රහය දක්වනවා. ඒ වගේම ඇය තමන් යෙදිලා හිටපු වෘත්තියේ නිරතවෙන කාන්තාවෝ ගැනත් අමතක කරන්නේ නෑ. ගණිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් එවකට කොන්ස්තන්තිනෝපලය තුළ පැවතුණු කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියට යෙදවීම වැළක්වීමට තියඩෝරා අධිරාජිණිය ක්‍රියා කරනවා.



Top