Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
357
Views
කේම්බ්‍රිජ්හි බ්‍රිතාන්‍ය ජාතික කෘෂිකර්ම ආයතනයේ සියවස් සැමරුම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයට ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ 93 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජින කාගේවත් උදව්වක් නොමැතිව තනිවම පැළයක් රෝපණය කළාය.

මහ රැජිනගේ මෙම ක්‍රියාව ලොව කාගේත් අවදානයට ලක්වී තිබේ. රැජින පැළය රෝපණය කරන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ ජාල ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

සියවස් සැමරුමට මහ රැජින පැමිණි අවස්ථාවේදී, පැළයක් රෝපණයට සියල්ල සූදානම් කර තිබුණි. පැළයක් රෝපණයක් කරන්න කැමැතිදැයි බ්‍රිතාන්‍ය ජාතික කෘෂිකර්ම ආයතනයේ ප්‍රධානී ජිහ් ගොඞ්ෆ‍්‍රී රැජිනගෙන් විමසීය. ඒ සඳහා සහාය වීමට රැජිනගේ සහායකයන් පමණක් නොව බ්‍රිතාන්‍ය ජාතික කෘෂිකර්ම ආයතනයේ නිලධාරීන්හු ද ඉදිරිපත් වූහ.

‘එපා මට උදවු  ඕනෑ නැහැ. තවමත් මට පැළයක් සිටවන්න පුළුවන්’ යැයි සිනාමුසු මුහුණින් උදව් ප්‍රතික්ෂේප කළ මහ රැජින තම අත් බෑගය සහායිකාවට දී, පැලය රෝපණය කළ ෂවල ගෙන ඊට පස් දැමුවාය. මහ රැජින විසින් රෝපණය කරනු ලැබුවේ හොර්න්බීම් වර්ගයේ ගසකි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top