Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
386
Views
දැලක පැටලී තුවාල ලැබූ විශාල ඩොල්ෆින් මත්ස්‍යයෙකු 10 දා සවස යාපනයේ පුංගුඩුතීව් මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ.

කිලෝ ග්‍රෑම් දහසක් පමණ බරැති මෙම ඩොල්ෆින් මත්ස්‍යයා පළාතේ ධීවරයින් විසින් දැක එම මත්ස්‍යයාව යලි මුහුදට දැමීමට උත්සහ කළ අවස්ථාවෙදී මත්ස්‍යයා දැඩි ලෙස තුවාල ලබා සිටිනු දැක තිබේ.

ධීවරයින් පිරිස මේ පිළිබදව යාපනයේ ධීවර කාර්යාලයේ නිලධාරීන්ට දැණුම් දී තිබේ.

ඩොල්ෆින් මත්ස්‍යයාගේ උදරය හා හිස ප්‍රදේශය දැඩි ලෙස තුවාල වී ඇති අතර දැලක නයිලෝන් කොටසක්ද මේ මත්ස්‍යයාගේ සිරුරේ තිබීම නිසා මත්ස්‍යයා තුවාල ලබා ඇත්තේ දැලක පැටලීම නිසා බවට තහවුරු කරගෙන තිබේ.

තුවාල ලැබූ ඩොල්ෆින් මත්ස්‍යයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට  යාපනයේ ධීවර නිලධාරීන් පියවර ගෙන තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top