Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
1,065
Views

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී බෝම්බ පුපුරුවා ගත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් හෙවත් අබ්දුල්ලා නමැත්තා ස්වයං බෝම්බකරුවකු බවට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (10දා) තීරණය කළේය.

ඉදිරිපත්වූ රස පරීක්‍ෂක වාර්තා හා අනෙකුත් සාක්‍ෂි කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරයා එලෙස තීරණය කළේය.

එකී බෝම්බකරු සමග සමීපව ඇසුරු කරමින් එකී අපරාධ සඳහා ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින තවත් සැකකරුවන් දෙදෙනකු ආරක්‍ෂක ලේකම්වරයා ගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම බෝම්බකරු සහ අනෙක් සැකකරුවන් දෙදෙනා භාවිත කළ දුරකථන වලට අදාළ තොරතුරු සහ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට අදාළ දත්ත සුරක්‍ෂිතව තබා ගැනීමට පියවර ගන්නා ලෙසටද මහෙස්ත්‍රාත්වරයා එහිදී දුරකථන සමාගම් කිහිපයකට හා බැංකු ආයතන කිහිපයකට නියෝග කළේය.

එම නඩුව ලබන සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top