Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 10
1,259
Views

2019 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කියලා කියන්නේ ලෝකය පුරාම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහොම උද්දාමයට පත් කල තරගමලාවක් කිව්වොත් හරි. කොහොම වුනත් තරගවට ගණනාවකට පස්සේ ඔන්න අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ වෙද්දී පැවැත්වෙනවා කියලා හැමෝම දන්නවා. ඊයේ දවසේ පැවැත්වුනේ ඉන්දියාව සහ නවසිලන්තය අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය වර්ෂාව හේතුවෙන් හදිස්සියේම නවත්තන්න වුනා වගේම තරගයේ ඉතුරු කොටස අද පැවැත්වීමට නියමිතයි.

කොහොම වුනත් ඊයේ පැවැත්වුන අර්ධ අවසන් පූර්ව තරගය වෙනුවෙන් තමන්ගේ රටට සුබ පතන්න හැම රටකම වගේම ඉන්දියාවෙත් විශාල පිරිසක් පෙළගැහිලා ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම බොලිවුඩ් සිනමාවේ ඉන්න සුපිරි තරු රාශියක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා සුබ පැතුම් එකතු කරන්නත් අමතක කරලා තිබුනේ නෑ.      

බොලිවුඩ් සුපිරි තරුවක් වූ වරුන් ධවාන් මේ දිනවල රූගත කිරීම් වල නිරතවන Street Dancer කියන 3D චිත්‍රපටයේ දර්ශන තලයේ සිටම තම කණ්ඩායමට සුබ පැතුම් එකතු කරමින් බොහොම අපූරු ඡායාරූපයක් එකතු කරලා තිබුනා. තවත් ජනප්‍රිය තරු රාශියක් ඒ ඡායාරූපයට වරුන් එක්කම සම්බන්ධ වෙලා තිබුනා. 

ජනප්‍රිය තරු අර්ජුන් රම්පාල් තමන්ගේ ට්විටර් ගිණුමට මෙන්න මෙහෙම කතාවකුත් කියලා තිබුනා “The lucky charms, rituals all done. Come on India. Let’s do this. #indiavsNewzealand #SemiFinals #WorldCup19″

”All the best to #TeamIndia for the semi finals. Looking forward to an exciting game. Come on INDIAAAA” ලෙස ට්විටර් පණිවිඩයක් තබමින්  සුපිරි බොලිවුඩ් තරු ප්‍රීටි සින්ටාද තම කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබුනා. 

කොහොම වුනත් සුපිරි අවසන් තරගය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබයි කියන බලාපොරොත්තුව ගොඩක් අයගේ හිත්වල තියනවා කියන එකත් නොරහසක්.

Image result for 2019 worldcup indaia bollywood stars


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top